IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


JAT සමූහය ඉහළ ප්‍රතිඵල වාර්තා කරයි

JAT Holdings, අභියෝගකාරී වෙළඳපොළ හා ආර්ථික තත්ත්වය හමුවේ පවා, 2020/21 මූල්‍ය වර්ෂය තුළ ශක්තිමත් හා ස්ථාවර ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට සමත් වී තිබේ. කොරෝනා රෝග ව්‍යාප්තිය නිසා සුළු ශුද්ධ අලාභයක් වාර්තා කළද, වර්ෂයේ දෙවැනි අර්ධය තුළ නැවත යථා තත්ත්වයට පත්වෙමින් සහ මුල් අර්ධයේ ලැබූ අලාභයේ බලපෑමෙන් මුළුමනින්ම මිදෙමින්, බදුවලට පසු ලාභය ලෙස රු. මිලියන 621 ක්ද, පෙර වසරේ වාර්තා කළ දළ ලාභ ආන්තිකය වූ සියයට 27.6 සාපේක්ෂව මෙවර සියයට30.7ක් ද, ශුද්ධ ලාභ ආන්තිකය ලෙස සියයට 11.2ක් ද වාර්තා කිරීමට එම සමූහය සමත් වී ඇත.

පසුගිය වසර 4 ක කාලය තුළ LMD විසින් අඛණ්ඩව මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම් 100 අතරට නම්කරනු ලැබීම සහ, Brand finance මගින් ප්‍රකාශයට පත්කරනු ලබන විශිෂ්ටතම සමාගම් 20 අතරට එක්වීමට JAT Holding සමත් වීම විය. එමෙන්ම JAT Holding අඛණ්ඩව වසර 5 ක කාලයක් Moody'sවෙතින් ICRA "A+ Stable" ශ්‍රේණිගත කිරීම හිමිකර ගැනීම සමත් වූ එකම ශ්‍රී ලාංකික පෞද්ගලික සමාගම වීමද විශේෂත්වයකි.

වඩාත්ම අභියෝගකාරී මූල්‍ය වර්ෂයන් තුළ පවා සාර්ථක ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට සමාගමට හැකිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, JAT Holding හි ප්‍රධාන විධායක නිලධාරී නිශාල් ප්‍රදිනාන්දු මහතා මෙසේ පැවසී ය. ‘‘දැව ආලේපන, තීන්ත, බුරුසු, මුළුතැන්ගෙයි කට්ටල, කාර්යාලයීය පුටු ආදී දැව නිෂ්පාදන රැසක් අප වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා. එමෙන්ම, බංග්ලාදේශය සහ වෙනත් දකුණු ආසියාතික රටවල ක්‍රියාත්මක වන අපගේ ව්‍යාපාර කටයුතු නිසා, කොරෝනා හේතුවෙන් ඇති වූ අභියෝග හමුවේ පවා සාර්ථක මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීමට අපට හැකියාව ලැබුණා. මේ කාලය තුළ අපගේ ආයතනික කාර්ය මණ්ඩලයට නිවසේ සිට රාජකාරි කිරීමට පහසුකම් සලසා දීමටත්, නිෂ්පාදන කාර්ය මණ්ඩලය වෙනුවෙන් හැකි උපරිමයෙන් ආරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කිරීමටත් අප පියවර ගත්තා. අපගේ උත්සාහය සාර්ථක වී ඇති බවට, මෙම මූල්‍ය ප්‍රතිඵල ඉතා හොඳ සාක්ෂියක්. අපගේ අනාගත වර්ධන මාවතේ කොටසක් ලෙස, මූලික කොටස් නිකුතුවක් මගින් ප්‍රාග්ධනය රැස්කර ගැනීමටත්, අපගේ වර්ධන අභිලාෂයන් තවදුරටත් ශක්තිමත් කිරීමටත්, අපගේ බලපෑම් ක්ෂේත්‍රය පුළුල් කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. අතිශය අභියෝගකාරී වාතාවරණයක් තුළ අප පෙන්නුම් කර ඇති මේ ක්‍රියාකාරීත්වය නිසා, ඕනෑම ආයෝජකයකුට අප කෙරෙහි විශ්වාසය තැබිය හැකි බව අප කියන්නේ ආඩම්බරයෙන්.”‍

2020/21 මූල්‍ය වර්ෂය තුළ, ශ්‍රී ලංකාවේ දැව ආලේපන, තීන්ත සහ බුරුසු වෙළඳපොළේ සමාගමක් වාර්තා කරගත් ඉහළම වාර්ෂික වර්ධනය වන සියයට 29% වාර්තා කිරීමට JAT Holding සමාගමට හැකියාව ලැබිණි. මාස 2ක් පුරා සංචරණ සීමා පනවා තිබූ පසුබිමක් තුළ පවා මෙය වාර්තා කරගැනීමට හැකිවීම විශේෂත්වයකි. එමෙන්ම අදාළ වර්ෂයේ මාස 7 කට වැඩි කාලයක් පුරා අඛණ්ඩව යහපත් මුදල් ප්‍රවාහයක් සහතික කරගනිමින්, 2021 මාර්තු 31 දිනය වනවිට ශුද්ධ ලාභය ලෙස රු. මිලියන 490ක් වාර්තා කරන ලදි. සමාගමේ ශුද්ධ ණය (මුදල්)/ සමකොටස් අනුපාතය ඍණ 0.03 මට්ටමක පැවතීම, සමාගමේ මූල්‍යමය තත්ත්වයේ ශක්තිය තවදුරටත් තහවුරු කරන සාධකයකි. සමාගමේ වත්මන් හා ද්‍රවශීලතා අනුපාත පසුගිය වසරේ වාර්තා වූ 2.6 සහ 1.76 මට්ටම්වල සිට මෙම වසරේදී පිළිවෙළින් 3.26 සහ 2.29 ලෙස වාර්තා වූ අතර, තෝලන (Gearing) මට්ටම සියයට9.07 ක් ලෙස වාර්තා විය.

2021 මාර්තු 31 වන විට රු. බිලියන 1ක් වටිනා ව්‍යාපෘති තහවුරු කරගැනීමට සමාගම සමත් වූ අතර, ඉදිරි මූල්‍ය වර්ෂවල ප්‍රතිඵල සඳහා එම ව්‍යාපෘති මගින් යහපත් දායකත්වයක් ලැබෙනු නිසැක ය.

JAT Holdings හි ප්‍රධාන විධායක නිලධාරී නිශාල් ප්‍රදිනාන්දු



අදහස් (2)

JAT සමූහය ඉහළ ප්‍රතිඵල වාර්තා කරයි

sachith Friday, 09 July 2021 05:23 PM

හෙට අනිද්දා එන මූලික කොටස් නිකුතුව ගොඩ දාගන්න කන කට්ටක්...

:       0       8

Aruna Sunday, 11 July 2021 01:55 PM

කිසිම තත්වයක් නැහැ. පොඩි සප්ලයර්ස්ලාට පහත් විදිහට සලකන්නේ. වැඩක් දීලා බාගෙට කරනකොට කැන්සල් කරනවා හේතු නැතිව...

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 575 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1010 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site