IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


JAT මූලික කොටස් නිකුතුවට අධි දායකත්වයක්

JAT හොල්ඩිංස් මූලික කොටස් නිකුතුව සම්බන්ධයෙන් ආයෝජකයන් අතර විශාල උනන්දුවක් ඇති වූ බවත්, සාමාන්‍ය කොටස් 82,904,846 නිකුත් කරන ලද එම කොටස් නිකුතුව අධි දායකත්වයක් සමගින් සාර්ථක ලෙස අවසන් වූ බවත් එම සමාගම නිවේදනය කර තිබේ.

කොටසක් රු. 27 බැගින් නිකුත් කරන ලද මෙම කොටස් නිකුතුවෙන් එක්රැස් වූ මුළු මුදල රු. බිලියන 2.2 කි. සමාගමේ පර්යේෂණ හා සංවර්ධන අංශය අති නවීන පහසුකම් සමගින් වැඩිදියුණු කිරීම සහ බංග්ලාදේශයේ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඇරඹීම සඳහා මෙම මුදල් ආයෝජනය කෙරෙනු ඇත. මෙම කොටස් නිකුතුව මගින් සමාගමේ සියයට16ක හිමිකාරීත්වයක් මහජනතාව වෙත හිමි වී තිබේ.

ශ්‍රී ලංකාවට අමතරව දකුණු ආසියාව සහ අප්‍රිකාව යන කලාපවල ශක්තිමත් ව්‍යාපාර පදනමක් හිමි JAT Holdings කලාපීය පුරෝගාමියකු බවට පත්වීම සඳහා සාර්ථක ඉදිරි ගමනක නිරත වී සිටී. එමෙන්ම ඉදිරියේ දී තම නිෂ්පාදන හා සේවා මෙන්ම ප්‍රතිලාභ ද වැඩි දියුණු කිරීමට සමාගම අපේක්ෂා කරයි.

මූලික කොටස් නිකුතුව සඳහා ලැබුණු අධි දායකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් JAT Holdings හි ප්‍රධාන විධායක නිලධාරී නිශාල් ප්‍රදිනාන්දු මහතා මෙසේ පැවසී ය. ”‍වාර්තාගත කාලයක් තුළ මෙම මූලික කොටස් නිකුතුව අධි දායකත්වයක් සහිතව අවසන් වීම ගැන අප බෙහෙවින් සතුටු වනවා. මෙය JAT සන්නාමය සම්බන්ධයෙන් ජනතාව තබා ඇති විශ්වාසයට මනා සාක්ෂියක්. නිකුත් කළ කොටස් ප්‍රමාණයට වඩා ඉල්ලු‍මක් මේ සඳහා නිර්මාණය වීම මගින්, අපගේ ආයතනික හා මූල්‍යමය ශක්තිය කෙබඳුද? යන්න මැනැවින් පැහැදිලි වනවා. එමෙන්ම, කොරෝනා රෝග ව්‍යාප්තිය හමුවේ පවා, වෙළඳපොළ ප්‍රවණතාවට අනුව සැපයුම ලබාදීම සඳහා අපගේ ව්‍යාපාර කටයුතු පුළුල් හා ශක්තිමත් කිරීමට අප නිරන්තරයෙන් පියවර ගනිමින් සිටිනවා.”‍

1993 වසරේ ආරම්භ වූ JAT Holdings සමාගම එදා පටන්ම තීන්ත හා ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස මෙන්ම Sayerlack නිෂ්පාදන සඳහා ලොව විශාලතම බෙදාහැරීම් සමාගම ලෙස විශාල කීර්තියක් දිනා සිටී. මේ වනවිට දකුණු ආසියාව සහ අප්‍රිකාව යන කලාපවල ව්‍යාපාර කටයුතු සිදුකරන එම සමාගම, ඉදිරියේ දී තම ආවරණ පරාසය තවදුරටත් පුළුල් කිරීමටත්, තමන් සමග අත්වැල් බැඳගෙන සිටින සියලු‍ම පාර්ශ්වලට වැඩි වැඩියෙන් ප්‍රතිලාභ ලබා දීමටත් අපේක්ෂා කරයි.

 



අදහස් (0)

JAT මූලික කොටස් නිකුතුවට අධි දායකත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 359 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 102 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 790 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site