IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


IT Gallery කොම්පියුටර්ස් වෙතින් නවතම Lenovo Commercial නිෂ්පාදන ද්විත්වයක්

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපොළේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන IT Gallery Computers (Pvt) Ltd විසින් නව්‍ය තාක්ෂණික විසඳුම් ලබා දීමේ ප්‍රමුඛතම ගෝලීය සන්නාමයක් වන Lenovo හි නවතම නිෂ්පාදන ද්විත්වය පසුගිය දා මෙරට වෙළෙඳපොළට හඳුන්වාදෙන ලදී. ඒ අනුව වසර 05ක් දක්වා වගකීමක් සහිත ThinkCentre Neo 50t Gen 5 Desktop පරිගණකය සහ Thinkbook G7 ලැප්ටොප් පරිගණකය මෙහිදී එළිදැක්විණි. 

නවීන ව්‍යාපාර කටයුතු වෙනුවෙන්ම නිර්මාණය කර ඇති ThinkCentre Neo 50t Gen 5 , 13 වැනි සහ 14 වැනි Gen Intel® Core™ i7 හෝ Intel® 300 ප්‍රොසෙසරවලින් බලගැන්වෙන අතර, එමගින් Intel UHD ග්‍රැෆික්ස් (710, 730, හෝ 770) සහ 64GB DDR5-5600 ක මතක ධාරිතාවක් දක්වා ඉහළ කාර්යසාධන හැකියාවක් ලබාදෙයි. මෙහි අන්තර්ගත ස්වාධීන සංදර්ශක ත්‍රිත්වය සහ විකල්ප Intel Arc A310 GPU  හරහා බාධාවකින් තොරව බහුකාර්ය හැකියාව සමඟ සුවිශේෂී දෘශ්‍යමය අත්දැකීමක් වෘත්තිකයන්ට ලබා ගත හැකිය. Smart Power On සහ Smart Connect විශේෂාංගවලින් මෙහි උපාංග එකිනෙක ඒකාබද්ධ කරමින්, සුමටව වැඩ කටයුතු කිරීමට අවස්ථාව සලසන අතර එමගින් කාර්යක්ෂමතාව තවදුරටත් වැඩි දියුණු කරයි.

මෙහි ප්‍රධාන වශයෙන් අන්තර්ගත වන සුවිශේෂී පහසුකම් අතර ප්‍රොසෙසරය (Processors) : 14 වන පරම්පරාවේ (14th Generation) Intel Core i3 / i5 / i7 හෝ Intel 300 ප්‍රොසෙසරය, ග්‍රැෆික්ස්: Intel UHD ග්‍රැෆික්ස් 710 / 730 / 770 හෝ Intel Arc A310 LP,මතක ධාරිතාව  (Memory) : 64GB DDR5-5600 දක්වා (dual-channel), ස්ටොරේජ් (Storage): 1TB M.2 SSD දක්වා සහ විකල්ප HDD 2TB දක්වා.සම්බන්ධතාව (Connectivity): HDMI, DisplayPort, VGA, USB-C සමඟ 15W ආරෝපණය, Wi-Fi 6, සහ Bluetooth 5.3, Design: Smart Power On සහ 13.6L Compact tower සහ විකල්ප පසුපස පද්ධති විදුලි පංකාවක් සහිත වැඩි දියුණු කළ සිසිලනය ප්‍රධානවේ.

පාරිභෝගික තෘප්තිය තවදුරටත් ඉහළ නැංවීමේ පියවරක් ලෙස, Lenovo සිය සේවා සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර තිබේ.ඒ අනුව වසර 1 සිට 5 දක්වා වූ කාලය තුළදී සියලු‍ම Commercial නිෂ්පාදනවල නඩත්තු කටයුතු බලයලත් Lenovo ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ පාරිභෝගිකයන් වෙතටම පැමිණ සිදු කිරීම සඳහා Onsite වගකීමක් ප්‍රකාශයට පත් කර ඇත. පාරිභෝගික විශ්වාසය හා අලෙවියෙන් පසු සේවා සහාය ඉහළ නැංවීම වෙනුවෙන් දියත් කරනු ලැබූ මෙම සුවිශේෂී වගකීම් සහතිකය ඔස්සේ Lenovo හි නොසැලෙන කැපවීම මැනවින් පිළිබිඹු වේ. මින් වඩාත් කාර්යක්ෂම විසඳුම් බාධාවකින් තොරව පිරිනැමීම සහතික කරයි.

Lenovo ආයතනයේ විදේශ ව්‍යාපාර අධ්‍යක්ෂ, නවීන් කෙජ්රිවාල් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. ”‍නවතම ThinkCentre Neo 50t Gen 5 ශ්‍රී ලංකාවේ අපගේ පාර්ශවකරුවන්ට සහ ගනුදෙනුකරුවන්ට ගෙන ඒමට ලැබීම ගැන අපි ඉතා සතුටට පත්වෙනවා. පරිණාමය වෙමින් පවතින ඩිජිටල් පරිසරයක ව්‍යාපාරවලට සහය වෙමින් නව පරපුරේ මෙම ThinkCentre Neo 50t Gen 5 විශිෂ්ට කාර්ය සාධනය, ආරක්ෂාව හා තිරසාරභාවය පිළිබඳව අසමසම සංයෝජනයක් ලබා දෙනවා. ඒ වගේම අලු‍තින් හඳුන්වා දුන් Onsite වගකීම් සහතිකය තුළින් අපගේ ගනුදෙනුකරුවන්ට විශ්වාසදායක සහ දිගු කාලීන සහ‍යෝගය ලබා දීම සඳහා අපගේ කැපවීම අවධාරණය කරනවා.”‍ 

මේ සම්බන්ධයෙන් IT Gallery Computers Pvt Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි ඩිලන්ත පෙරේරා මහතා සිය අදහස් මෙසේ එකතු කළේය. ‘‘ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ වෙත විශිෂ්ට ගණයේ තාක්ෂණික විසඳුම් ලබා දීම සඳහා Lenovo සමඟ අපගේ සහයෝගීත්වයෙන් සෑමවිටම අවධානය යොමු කරනවා. වැඩිදියුණු කළ වගකීම් සහතිකය සමගින් එන ThinkCentre Neo 50t Gen 5 ඔස්සේ ව්‍යාපාරවලට උසස් සේවාවක් සහිත අති නවීන උපාංග සැපයීමේ ශක්තිමත් ඉදිරි පියවරක් ප්‍රදර්ශනය කරනවා.



අදහස් (0)

IT Gallery කොම්පියුටර්ස් වෙතින් නවතම Lenovo Commercial නිෂ්පාදන ද්විත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි නම් විකල්ප අවශ්‍යයි
2025 අප්‍රේල් මස 30 60 0

ශ්‍රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක


DFCC බැංකුව AFC හරිත බැඳුම්කරවල රුපියල් මිලියන 500ක් ආයෝජනය කරයි
2025 අප්‍රේල් මස 30 36 0

DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක


ලංකා බැංකුවෙන් රුපියල් බි. 666 ඉක්මවූ අවුරුදු ගනුදෙනු
2025 අප්‍රේල් මස 30 35 0

ලංකා බැංකුව 2025 අලු‍ත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම


2025 -26 වර්ෂවලදී ආර්ථික සංගණනයක්
2025 අප්‍රේල් මස 30 27 0

2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.


උසස් අධ්‍යාපනය නැංවීමට සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය සමග ගිවිසුමක්
2025 අප්‍රේල් මස 30 17 0

උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත


රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණ කෙටුම්පත වැඩිදියුණු කිරීමට කමිටුවක්
2025 අප්‍රේල් මස 30 13 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 359 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 96 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1122 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site