IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ISO ත්‍රිත්ව සහතික හිමිකරගත් ශ්‍රී ලංකාවේ පළමු බැංකුව NDB


NDB බැංකුව අන්තර්ජාතික වශයෙන් පිළිගත් ISO 20000:2018 සහතික තුනක් හිමිකර ගත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වාණිජ බැංකුව බවට පත්වෙමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කොට ඇතැයි එම බැංකුව සදහන් කරයි. තොරතුරු ආරක්ෂාව සඳහා ISO 27001:2022, ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය සඳහා ISO 22301:2019, සහ වඩාත් මෑතක දී තොරතුරු තාක්ෂණ සේවා කළමනාකරණය සඳහා ISO 20000:2018 ලෙස මෙසේ ISO සහතික ත‍්‍රිත්වය හිමිකරගෙන ඇත.

ISO 20000:2018 සහතිකය හිමිකර ගැනීම මඟින්, ගනුදෙනුකරුවන්ගේ සහ පාර්ශවකරුවන්ගේ වැඩි දියුණු වන අවශ්‍යතා සපුරාලන අතර මෙහෙයුම් කටයුතුවල ඇති විශිෂ්ටත්වය සහ සුරක්ෂිත, අභියෝගාත්මක අවස්ථා වලට ඔරොත්තු දීමේ හැකියාව සහ උසස් තත්වයේ තොරතුරු තාක්ෂණ සේවා සැපයීම සඳහා බැංකුවේ ඇති කැපවීම අවධාරණය කරයි.

NDB බැංකුවේ ගමන් මඟ තුළ ශ‍්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම ස්ථාන කිහිපයක් සනිටුහන් කර තිබේ. බැංකුව සිය තොරතුරු ආරක්ෂණ කළමනාකරණය සඳහා 2022 දී යාවත්කාලීන කළ නවතම ISO 27001 සහතිකය හිමිකරගත් බැංකුකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රථමයා වූ අතර ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය සඳහා ISO 22301:2019 සහතිකය හිමිකරගත් ප‍්‍රථමයාද වේ. නියාමන අවශ්‍යතාවලට අමතරව ලබාගෙන ඇති මෙය සහතික අනුකූලතාව සහ මෙහෙයුම් කටයුතු වල ශක්තිමත් බව වැඩි දියුණු කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති (CBSL) නිර්දේශවලට අනුකූලව, නවෝත්පාදනය, ආරක්ෂාව සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා ක්‍රියාත්මක වීමේ NDB බැංකුවේ කැපවීම පෙන්නුම් කරයි.

මෙම විශිෂ්ට ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ ප‍්‍රධාන තොරතුරු නිලධාරී සහ තොරතුරු තාක්ෂණ අංශයේ උප සභාපති ඉන්දික ගුණවර්ධන මහතා මෙසේ ප‍්‍රකාශ කළේය. ‘‘අප හිමිකරගත් මෙම ISO සහතිකය ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල වීම සඳහා පමණක් නොව, තාක්ෂණික නවෝත්පාදන, මෙහෙයුම් කටයුතුවලදී ඔරොත්තු දීමේ හැකියාව සහ පාරිභෝගික විශ්වාසය පවත්වා ගැනීම සඳහා අපගේ නොපසුබට කැපවීම ඉස්මතු කරනවා. සේවාවන් වැඩි දියුණු කිරීම සඳහා නවතම තාක්ෂණය භාවිත කිරීමට සහ ක්ෂේත‍්‍රය තුළ නව මායිම් සලකුණු කිරීම වෙනුවෙන් NDB බැංකුව නිබඳවම කැපවී සිටිනවා.

මෙම සුවිශේෂී සංධිස්ථානය බැංකුව විසින් සනිටුහන් කරන්නේ ජයග‍්‍රහණ වලින් පිරුණු වසරක් ලෙසයි. 2024 වර්ෂය තුළ ISACA විසින් සංවිධානය කරන ලද 2024 කීර්තිමත් ඩිජිටල් සම්මාන උළෙලේදී දේශීය බැංකු අංශය යටතේ ‘Technology Resilient Company of the Year 2024’ ලෙස NDB බැංකුව පිළිගැනීමට ලක්විය. උසස් තාක්ෂණික යටිතල පහසුකම් සහ නවෝත්පාදන වලට අමතරව, NDB බැංකුව NBQSA සම්මාන 2024 හි දී ඩිජිටල් නවෝත්පාදන සහ සේවා විශිෂ්ටත්වය තුළ එහි නායකත්වය හිමිකර ගනිමින් සම්මානයට පාත‍්‍ර විය.



අදහස් (0)

ISO ත්‍රිත්ව සහතික හිමිකරගත් ශ්‍රී ලංකාවේ පළමු බැංකුව NDB

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 60 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 50 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 23 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 57 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 15 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 16 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 715 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1396 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site