IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


IMF සිව්වැනි සමාලෝචන සාකච්ඡා වොෂිංටනයේදී නිල වශයෙන් ඇරැඹේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා ඇමෙරිකාවේ වොෂිංටන් නුවරදී නිල වශයෙන් ආරම්භ වී තිබේ.
මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ දූත පිරිසක් සාකච්ඡාවලට සහභාගී වීම සඳහා ඇමෙරිකාව වෙත ගොස් සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් වැඩසටහන යටතේ අඛණ්ඩව මූල්‍ය සහාය ලබා ගැනීම එම සාකච්ඡාවල අරමුණ වී ඇති බවත් පැවැසෙයි. මෙම තීරණාත්මක සාකච්ඡා සඳහා දූත පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වනබව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා තහවුරු කළේය.
ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදී ඇති අරමුදල් වැඩසටහන යටතේ එකඟ වූ මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමේදී ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය තක්සේරු කිරීම මෙම සාකච්ඡා අපේක්ෂාව වී තිබේ.

 



අදහස් (0)

IMF සිව්වැනි සමාලෝචන සාකච්ඡා වොෂිංටනයේදී නිල වශයෙන් ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site