IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


IMF විධායක කමිටු අනුමැතියට විදුලිය ගාස්තු කොන්දේසියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකා දූත මණ්ඩල නව ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ

 

  • බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ කැපවූ මූල්‍ය දායකත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙහිලා ප්‍රමාණවත් ප්‍රගතියත් සොයයි
  • විධායක කමිටු අනුමැතිය ලැබුණොත් පස්වැනි වාරිකය ඩො.මි. 344 ක්
  • රජයේ බදු ආදායම පසුගිය වසරේදී සියයට 13.5 දක්වා ඉහළ නංවාගෙන
  • අප්‍රේල් මස අවසන් වනවිට පසුකළ යුතු ව්‍යුහාත්මක කඩඉම් සියල්ල පසුකර හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කරලා
  • වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහි ලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය ශක්තිමත්
  • තිරසාර ආදායම් රැස්කිරීමේ උත්සාහය සහ විචක්ෂණශීලී අයවැය ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්
  • නව ආදායම් බදු ක්‍රියාමාර්ග ගැනීමකින් තොරව රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා බදු අනුකූලතාව ඉහළ නැංවීම සඳහා වන ප්‍රතිසංස්කරණ ඉතා වැදගත්

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිව්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් එළැඹි කාර්ය මණ්ඩල එකඟතාවට විධායක කමිටු අනුමැතිය ලබා ගැනීමට නම් විදුලිය උත්පාදනය කිරීමට වැයවන මුදලට සරිලන විදුලිය ගාස්තුවක් හඳුන්වා දීමට සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැළපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීමට පෙර එකඟවූ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ප්‍රකාශ කළේය.

එය පමණක් ප්‍රමාණවත් නොවන බවත් කාර්ය මණ්ඩල එකඟතාවට විධායක කමිටු අනුමැතිය ලබා ගැනීමට නම් බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ කැපවූ මූල්‍ය දායකත්වය සහ සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙහිලා ප්‍රමාණවත් ප්‍රගතියක් ලබාගෙන ඇති බව තහවුරු කෙරෙන මූල්‍ය සහතික සමාලෝචනය ශ්‍රී ලංකාව සම්පූර්ණ කළ යුතු බවත් එම අරමුදල පැවැසුවේය.

ඉහත පියවර සම්පූර්ණ කිරීමෙන් පසු කාර්ය මණ්ඩල එකඟතාවට විධායක කමිටු අනුමැතිය ලැබෙනු ඇති බවත් එවිට පස්වැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 344 ක මුදලක් ශ්‍රී ලංකාවට මුදා හැරෙනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය. ඒ සමග ශ්‍රී ලංකාවට මුදා හැර ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1722 ක් වනු ඇතැයිද එම අරමුදල පැවැසුවේය.

විදුලි උත්පාදනයට වැයවන මුදලට සරිලන ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමේ ව්‍යුහාත්මක කඩඉම ශ්‍රී ලංකාව තවමත් පසුකර නොමැති බවත් ඒ හැර අප්‍රේල් මස අවසන් වනවිට පසුකළ යුතු ව්‍යුහාත්මක කඩඉම් සියල්ල පසුකර හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර තිබෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

එසේම මාර්තු මස අවසන් වනවිට සපුරා ගත යුතු දත්ත ලබා ගැනීමට හැකිවූ ප්‍රමාණාත්මක ඉලක්ක බොහොමයක් ශ්‍රී ලංකාව සපුරා ගෙන ඇති බවත් සමස්තයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහි ලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය ශක්තිමත් බවත් එම අරමුදල පැවැසුවේය.

මෑත කාලීනව එල්ල වන බාහිර කම්පන සහ ගෝලීය වෙළෙඳපොළ තුළ සිදු වෙමින් පවතින වර්ධනය තවමත් ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් සිටින ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු අවිනිශ්චිතතාවක් ඇති කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ප්‍රකාශ කළේය.

ඉන් මෙරටට බලපෑමක් එල්ල වුවහොත් එයට සුදුසු ප්‍රතිචාර දැක්වීම සඳහා ගෝලීය අවිනිශ්චිතතා මධ්‍යයේ තිබෙන සීමිත මූල්‍ය අවකාශය ආරක්ෂා කර ගැනීම සඳහා තිරසාර ආදායම් රැස්කිරීමේ උත්සාහය සහ විචක්ෂණශීලී අයවැය ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය.

එහිදී මූල්‍ය අවදානම් අවම කිරීමට සහ මෙරටට අවශ්‍ය විදුලි යටිතල පහසුකම් ලබාගැනීම සඳහා විදුලිය නිෂ්පාදනයේ කිරීමේදී වැයවන මුදලට සරිලන ගාස්තු ක්‍රමයක් හඳුන්වා දිය යුතු බවද එම අරමුදල ප්‍රකාශ කළේය. ආර්ථික වර්ධනයට ඉඩ සලසන අතරම, මූල්‍ය පිරිවැය සහ දූෂණ අවදානම් අඩු කිරීම සඳහා බදු නිදහස් කිරීමේ රාමුව හොඳින් සැලසුම් කළ යුතු බවද එම අරමුදල පැවැසුවේය.

නව ආදායම් බදු ක්‍රියාමාර්ග ගැනීමකින් තොරව රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා බදු අනුකූලතාව ඉහළ නැංවීම සඳහා වන ප්‍රතිසංස්කරණ ඉතා වැදගත් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය. ඒ හා සමානව කම්පනවලින් බලපෑමක් එල්ල වුවහොත් ඊට සුදුසු ප්‍රතිචාර දැක්වීම සඳහා වැඩිකරගත් විදෙස් සංචිත හරහා මෙරටට විදේශ විනිමය ගලා එන මාර්ග දිගටම ගොඩ නගා ගැනීම ඉතා වැදගත් බවද එම අරමුදල පැවැසුවේය.

ශ්‍රී ලංකාවේ අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අඛණ්ඩව ප්‍රශංසනීය ප්‍රතිඵල ලබා දෙන බවත් පසුගිය වසරේදී ශ්‍රී ලංකාව සියයට 5 ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගෙන තිබෙන බවත් එම අරමුදල පැවැසුවේය. 2022 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.2 ක් වූ රජයේ බදු ආදායම පසුගිය වසරේදී සියයට 13.5 දක්වා ඉහළ දමාගෙන තිබෙන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

එසේම පසුගිය මාර්තු මාසය අවසන් වනවිට මෙරට නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් සැලකිය යුතු මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මගින් මෙරට රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වී තිබෙන බවත් එම අරමුදල පැවැසුවේය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වීමට ඉතාමත් ආසන්න බවද ජාත්‍යන්තර අරමුදල ප්‍රකාශ කළේය.

මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීම සඳහා නව රජයේ තිරසාර කැපවීම විශ්වාසය වැඩි දියුණු කර ඇති අතරම ප්‍රතිපත්ති අඛණ්ඩතාවද සහතික කර ඇතැයි එම අරමුදල පැවැසුවේය.



අදහස් (0)

IMF විධායක කමිටු අනුමැතියට විදුලිය ගාස්තු කොන්දේසියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site