IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ICTA සහ PWCඑක්වීමෙන් ණය ඇගයීම් නව වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA), ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් (පුද්.) සමාගම (PWC ශ්‍රී ලංකාව) සමග එක්ව තාක්ෂණික සමාගම් සඳහා අවම ඇපකරයක් සහිත ණය පහසුකම් ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ණය ඇගයීම් වැඩසටහනක් හඳුන්වා දී තිබේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහින්ද බී. හේරත්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී අනුර ද අල්විස්, ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් (පුද්.) සමාගමේ ගනුදෙනු සේවා අධ්‍යක්ෂ කාවින්ද වීරකෝන්, ඩී.එෆ්.සී.සී. බැංකුවේ ප්‍රධාන අවදානම් නිලධාරී අශෝක් ගුණසේකර, එන්.ඩී.බී. බැංකුවේ මධ්‍යම වෙළෙඳපොළ හා ව්‍යාපාර බැංකුකරණයේ උප සභාපති ඉන්දික රණවීර, පේමීඩියා (පුද්.) සමාගමේ නිර්මාතෘ / ප්‍රධාන විධායක නිලධාරී කනිෂ්ක වීරමුන්ද යන මහත්වරු සහභාගී වූහ.

තාක්ෂණික සමාගම් ව්‍යාප්ත කිරීමේදී දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වේ.

විශේෂයෙන් සාම්ප්‍රදායික ණය ඇගයීමේ ක්‍රම මගින් නිශ්චිත ණය ප්‍රමාණයක් ලබා ගැනීමට හෝ ව්‍යාපාර ණයක් සඳහා සුදුසුකම් ලැබීමට භෞතික ඇපකර ඉදිරිපත් කිරීමට අවශ්‍ය වේ.

සීමාසහිත කැල්සි ටෙක්නොලොජීස් (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මංගල කරුණාරත්න මහතා සහ ලංකා ඒන්ජල් නෙට්වර්ක් හි ප්‍රධාන විධායක නිලධාරී චලින්ද අබේකෝන්, එන්.ඩී.බී. ඉන්වෙස්ට්මන්ට් බෑන්ක් ලිමිටඩ් හි ප්‍රධාන ආයතනික උපදේශක නිලධාරී නිලේන්ද්‍ර වීරසිංහ මහතා, සිමෙක්ස් (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ වෙලිංටන් පෙරේරා සහ සී මැසෙන්ජර් (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී ජයෝමි ලොකුලියන යන අයගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක නිසි සහයෝගය හා උපදේශනය සමගින් මෙම වැඩසටහන සකස් කර ඇත.

යාන්ත්‍රණය තවදුරටත් විධිමත් කිරීම සඳහා බැංකු කිහිපයක ණය ඇගයීම් නිලධාරීන්ගේ නිර්දේශ සමග වැඩසටහන සැලසුම් කර තිබීම විශේෂත්වයකි. ණය ක්‍රියාවලිය සඳහා තාක්‍ෂණ සමාගම් තක්සේරු කිරීමේදී නව වැඩසටහන සලකා බැලීමට සෙලාන් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, යුනියන් බැංකුව සහ එන්.ඩී.බී. බැංකුව මේ වනවිටත් සහයෝගය ලබා දී ඇත.

 



අදහස් (0)

ICTA සහ PWCඑක්වීමෙන් ණය ඇගයීම් නව වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 366 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site