IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


Huawei 2020 වසරේ අද‌ායම ඇ.ඩොලර් බිලියන 136.7ක්

Huawei 2020 වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන වාර්තා එළි දැක්වූ අතර, සමාගමේ ව්‍යාපාර ක්‍රියාකාරීත්වය පෙර පුරෝකථනයනය කළ අගයන්ට බෙහෙවින් අනුකූල වී ඇති බව දක්නට ඇතැයි එම සමාගම සඳහන් කරයි. 2020 වර්ෂයේදී Huawei හි විකුණුම් ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 136.7 ක් (චීන යුවාන් බිලියන 891.4) වූ අතර එය 3.8 සියයට වසරින් වසර වර්ධනයකි. Huawei හි ශුද්ධ ලාභය ඇමරිකානු ඩොලර් බිලියන 9.9 (චීන යුවාන් බිලියන 64.6) ක් ලෙස වාර්තා වන අතරල එය පෙර වසර හා සැසඳීමේ දී සියයට 3.2 ක ඉහළ වර්ධනයකි.

2019 සහ 2020 වර්ෂයන් හිදී ඇමරිකාව Huawei සමාගමට විවිධ මෙහෙයුම් සම්බාධක පැනවූ අතර, එම අභියෝග මධ්‍යයේ මූල්‍ය ප්‍රකාශන ස්වාධීනව විගණනය කිරීමේ කාර්යය Huawei විසින් KPMG සමාගම වෙත ලබා දී ඇත. KPMG විසින් විගණනය කරන ලද මෙම මූල්‍ය වාර්තා වලින් Huawei සිය හවුල්කරුවන්, ගනුදෙනුකරුවන්, සේවකයන් සහ සියලුම සැපයුම්කරුවන් සඳහා ඉහළ විනිවිදභාවයකින් යුතුව සියලුම මෙහෙයුම් දත්ත විධිමත් ලෙස අනාවරණය කර ඇත.

2020 වර්ෂයේදී Huawei carrier businessඅංශය විසින් ලොව පුරා රටවල් 170ක, 1500කට අධික ජාල සඳහා ස්ථාවර මෙහෙයුම් සහතික කළ අතරල එය කොවිඩ් ව්‍යාප්තියත් සමඟ එම රාජ්‍යන්හි ටෙලිවර්ක්ල මාර්ගගත ඉගෙනුම් (Online Learning) සහ මාර්ගගත සාප්පු සවාරි (Online Shopping) වැනි තාක්ෂණික සේවා සඳහා බෙහෙවින් ඉවහල් විය. ලොව පුරා තාක්ෂණික සමාගම් සමඟ එක්ව කටයුතු කරන Huawei, ප්‍රජාවට සහ ව්‍යාපාර සඳහා උසස් තාක්ෂණික අත්දැකීමක් ලබා දීමට අඛණ්ඩව ක්‍රියා කරයි. තවද, ගල් අඟුරු කැණීම්, වානේ නිෂ්පාදනය, වරාය සහ නිෂ්පාදන වැනි කර්මාන්ත 20 කට අධික සංඛ්‍යාවක 5G නවෝත්පාදන ව්‍යාපෘති 3,000 කට අධික සංඛ්‍යාවක් සමඟ Huawei carrier business අංශය ඉදිරියට ගමන් කරමින් සිටී.

Huawei's enterprise ව්‍යාපාර අංශයද, නවෝත්පාදන මත පදනම් වූ විසඳුම් සංවර්ධනය කිරීම සහ ඒකාබද්ධ කිරීම සඳහා වූ ඩිජිටල් පද්ධතියක් නිර්මාණය කිරීමට කැපවී ක්‍රියා කරයිග විශේෂයෙන්ම කොරෝනා වසංගත තත්ත්වයෙන් ප්‍රජාවට වන ඍණාත්මක බලපෑම් අවම කිරීම උදෙසා වූ විවිධ තාක්ෂණික නවෝත්පාදන සහ විසඳුම් ඉදිරිපත් කිරීමට Huawei enterprise ව්‍යාපාර අංශය ක්‍රියා කරන ලදී. ඒ අතර ලොව පුරා රෝහල්වලට ඔවුන්ගේ වෛද්‍ය යටිතල පහසුකම් මත ඇති පීඩනය අවම කර ගැනීමට උපකාර කළ හැකි HUAWEI CLOUD මත පදනම් වූ AI ආධාරයෙන් රෝග විනිශ්චය කිරීමේ විසඳුම් පද්ධති හඳුන්වා දීම පෙන්වා දිය හැකිය. තවද, ප්‍රාථමික හා ද්විතීයික පාසල් සිසුන් මිලියන 50 කට වැඩි සංඛ්‍යාවක් සඳහා Cloud මත පදනම් වූ Online ඉගෙනුම් වේදිකා දියත් කිරීම සඳහා Huawei විවිධ හවුල්කරුවන් සමඟ කටයුතු කරන ලදී.

Huawei Consumer ව්‍යාපාර අංශය තුළද වර්ධනීය වෙනස්කම් රැසක් වාර්තා වූ අතර, HarmonyOS සහ Huawei Mobile Services (HMS) හඳුන්වා දීම ඒ අතර සුවිශේෂී වේ. තවද, ස්මාර්ට් ඔෆිස්, සෞඛ්‍යය, ස්මාර්ට් නිවාස, පහසු ගමන් සහ විනෝදාස්වාදය කෙරෙහි අවධානය යොමු කරමින් පාරිභෝගිකයින්ට සියළුම උපාංග හරහා AI අත්දැකීමක් ලබා දීමට (''1 + 8 + N'') උපායමාර්ගය භාවිත කිරීම හැඳින්විය හැකිය.



අදහස් (0)

Huawei 2020 වසරේ අද‌ායම ඇ.ඩොලර් බිලියන 136.7ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1106 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1130 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site