IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


Hemas පාමසියුටිකල්ස් ‘Hair Buddy’ හඳුන්වාදෙයි

Hemas Holdings PLC හි අනුබද්ධිත සමාගමක් මෙන්ම ලංකාවේ ඖෂධ බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Hemas Pharmaceuticals (පුද්) සමාගම විසින් මෑතකදී සිය නවතම හිසකෙස් සත්කාර නිෂ්පාදනය වන ‘Hair Buddy’ එළිදක්වන ලදි. Oproma Cosmetics පෞද්ගලික සමාගම සමග එක්ව ‘Botanical fusion hair masque’ සත්කාරයක් ලෙස නිෂ්පාදනය කර ඇති මෙය, Hemas Pharmaceuticals සමාගමේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි.
Hair Buddy යනු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි, චර්ම විද්‍යාත්මකව පරීක්ෂා කරන ලද සහ සියයට 100 ක් BPA රහිත නිෂ්පාදනයකි. කෙටි කාලයක් තුළ පැහැදිලිව දැකගත හැකි ප්‍රතිඵල ලබාදීමට එයට හැකියාව ඇත. හිසකෙස් ගැලවී යාම වළක්වා හිස්හොරි ඇති වීම අවම කරන Hair Buddy, හිසකෙස් මුල සිට අග දක්වා ශක්තිමත් කරයි. හිස්කබල හොඳින් පෝෂණය කරමින් එය දීර්ඝකාලීනව නිරෝගීව පවත්වා ගැනීමේ හැකියාව Hair Buddy සතුය. ලංකාවේ සාම්ප්‍රදායික අත්දුටු ශාකසාර සත්කාර ක්‍රම උපයෝගී කරගනිමින්, හිසකෙස් සුරකින කාර්යක්ෂම නිෂ්පාදනයක් ලෙස, භාවිත කරන්නාගේ ‘සදාකාලික මිතුරකු’ බවට පත්වන ආකාරයට Hair Buddy නිෂ්පාදනය කර ඇත. 
ලංකාවේ හිසකෙස් සත්කාර නිෂ්පාදන ක්ෂේත්‍රය මේ වන විට වේගයෙන් පුළුල් වෙමින් පවතී. එම වෙළෙඳපොළට පිවිසීම සඳහා Hemas Pharmaceutical ගත් ක්‍රමෝපායික තීරණයක ප්‍රතිඵලයක් වශයෙන් මෙලෙස Hair Buddy හඳුන්වා දෙන ලදි. එමෙන්ම මෙය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ තම නිෂ්පාදන දිවයින පුරා පහසුවෙන් බෙදාහැරිය හැකි වෙනම විද්‍යුත් වාණිජ පදනමක් නිර්මාණය කිරීම සඳහා Hemas Pharmaceuticals සමාගම සතුව පැවති සැලසුම් යථාර්ථයක් බවට පත්වීමක් ලෙසද හැඳින්විය හැකි වේ. 



අදහස් (0)

Hemas පාමසියුටිකල්ස් ‘Hair Buddy’ හඳුන්වාදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 478 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site