IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


Hemas Pharmaceuticals සහ Medihelp එකතුවෙන් ‘සුවජීව’ දියවැඩියා පරීක්ෂණ වැඩසටහනක්

Hemas Holdingsහි අනුබද්ධ සමාගමක් වනHemas Pharmaceuticals  (පුද්) සමාගම, ‘සුවජීව’ දියවැඩියා පරීක්ෂණ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සඳහා මෑතකදී Medihelp Hospitals  සමග අත්වැල් බැඳගත්තේය. ඒ අතරින් පළමු වැඩසටහන ඔක්තෝබර් 23 වැනි දා කොළඹ 02 හි Medihelp Wellness Centre  හිදී පැවැත්වුණු අතර, දෙවැනි වැඩසටහන ඔක්තෝබර් 28 වන දින බණ්ඩාරගම Medihelp  රෝහලේදී සහ තෙවැනි වැඩසටහන ඔක්තෝබර් 30 වන දින හෝමාගම Medihelp  රෝහලේදී පැවැත්විණි.
දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට උපකාර කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන් මාලාව යටතේ සෞඛ්‍ය සේවා රාශියක් නොමිලේ ලබා දෙන ලදි. දියවැඩියා පරීක්ෂාව සහ දියවැඩියාව කල්තියා හඳුනා ගැනීමේ පරීක්ෂාවලට අදාළව රුධිරගත සීනි පරීක්ෂාව (RBS),  රුධිර පීඩනය, ශරීර ස්කන්ධ දර්ශක  ගණනය (BMI)  සහ ග්ලු‍කෝමා හා රෙටිනෝපති පරීක්ෂාවන් ආදිය නොමිලේ සිදුකර ගැනීමට රෝගීන්ට මෙහිදී අවස්ථාව හිමි විය. එමෙන්ම සෞඛ්‍ය පරීක්ෂාවලට සීමා නොවී වඩාත් පුළුල් පරාසයක පැතිරුණු සෞඛ්‍ය හා සුවතා සේවා ලබාදීමේ අරමුණින් වෛද්‍ය, පෝෂණ හා ජීවන රටා ඇතුළු විවිධ අංශවලට අයත් සේවා රැසක්ද මෙහිදී ලබාදෙන  ලදි.



අදහස් (0)

Hemas Pharmaceuticals සහ Medihelp එකතුවෙන් ‘සුවජීව’ දියවැඩියා පරීක්ෂණ වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 180 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 247 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1124 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site