IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


Heavenly ඇකඩමියට Global Business Excellence සම්මානය

Global Business Excellence 2025 සම්මාන උළෙලේදී Heavenly Cakes and Baking Academy  වසරේ විශිෂ්ටම කේක් සහ බේකරි අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. London Business Consultancy  සමූහය  SITC Campus හි ව්‍යාපාර පීඨය සමඟ සංවිධානය කළ සම්මාන උළෙල BMICH පරිශ්‍රයේදී පැවැත්විණි. ආයතනයේ නිර්මාතෘ සහ සභාපතිනි ලක්මිණි වීරසූරිය මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී. 
Heavenly Cakes and Baking Academy  කේක් සහ බේකරි නිෂ්පාදන පිළිබඳව පහසුවෙන් දැනුම ලැබිය හැකි අධ්‍යාපන වැඩසටහන් රැසක් හඳුන්වා දී ඇත. කේක් නිර්මාණය කිරීම, සැරසීම, පේස්ට්‍රි සහ බේකරි සම්බන්ධ සියලු‍ විෂය කරුණු ආවරණය වන පරිදි එම වැඩසටහන් සකසා තිබේ. මාර්ගගත සහ භෞතික යන දෙආකාරයෙන්ම පන්ති පැවැත්වීම සිසුන්ට පහසුවකි. සරල සහ පැහැදිලි ලෙස විෂය නිර්දේශය සකසා ඇත. ප්‍රශ්න ඇසීමට සහ උපදේශකයන් සමඟ කටයුතු කිරීමට සිසුන්ට අවස්ථාව ලැබේ. 
ප්‍රායෝගික සැසි ආයතනය තුළ පැවැත්වෙන අතර, සියලු‍ පහසුකම් සහිත මුළුතැන්ගෙයක අදාළ ක්‍රියාකාරකම් කළ හැකිය. කේක් සහ බේකරි නිෂ්පාදනයට අදාළ උපකරණ සහ අමුද්‍රව්‍ය භාවිත කරමින් ඒවා පිළිබඳව මනා අවබෝධයක් ලැබීමට සිසුන්ට අවස්ථාව ලැබේ. උපදේශකයෝ සෑම සිසුවෙකු කෙරෙහිම වෙන් වෙන්ව අවධානය යොමු කරති. සිසුන්ට මුද්‍රිත සටහන්, අමුද්‍රව්‍ය ලැයිස්තු, වීඩියෝ පාඩම් සපයනු ලැබේ. ජාතික සහ අන්තර්ජාතික මට්ටමේ විභාගවලට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය දැනුම සහ කුසලතා ළඟා කර ගැනීමට හැකි පරිදි අධ්‍යාපන වැඩසටහන් සකසා ඇත. විශ්වාසයෙන් සහ ප්‍රයෝගික දැනුමෙන් හෙබි වෘත්තිකයකු ලෙස ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට පිවිසීමට අවශ්‍ය පෙර සූදානම එහිදී ලැබේ. බේකරි කර්මාන්තයට අදාළ ආරක්ෂක පුරුදු, අමුද්‍රව්‍ය ගබඩා කිරීම, මිල තීරණය කිරීම, මාර්ගගත ක්‍රම ඔස්සේ නිෂ්පාදන ප්‍රවර්ධනයේදී ඡායාරූප ගත යුතු ආකාරය වැනි සියලු‍ දේ පිළිබඳ දැනුම සිසුන්ට සපයයි. ආයතනයේ පුහුණුව ලැබූ බොහෝ සිසුන් කුඩා පරිමාණයේ ව්‍යාපාර අරඹා ඇත. තවත් බොහෝ පිරිසක් ප්‍රධාන හෝටල්වල සහ බේකරිවල රැකියා කරති.



අදහස් (0)

Heavenly ඇකඩමියට Global Business Excellence සම්මානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site