IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


HNB සහ ලිට්‍රෝ එක්ව ගෘහස්ථ ගෑස් බෙදා හැරීමට ඩිජිටල් ගෙවීම් හඳුන්වා දෙයි

මෙම හවුල්කාරිත්වය යටතේ HNB  විසින් ලිට්‍රෝ නියෝජිතයන්ට සහ අලෙවිකරුවන්ට  POS  යන්ත්‍ර ලබා දෙනු ඇති

පාරිභෝගිකයන්ට කාඩ්පත් හෝ LankaQR  සමඟ අනුකූල Apps භාවිත කර පහසුවෙන් ගෙවීම් කරන්න පුළුවන්


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ගෘහස්ථ ගෑස් මිලදී ගැනීම්වලට ඩිජිටල් ගෙවීම් විසඳුම් හඳුන්වා දීම සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය.

ඒ අනුව පාරිභෝගිකයන්ට දැන් රට පුරා ලිට්‍රෝ නියෝජිතයන්, අලෙවිකරුවන් සහ සේවා ස්ථානවල ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් සහ LankaQR භාවිතයෙන් ගෙවීම් සිදු කළ හැකිය. 2025 අප්‍රේල් මාසයේදී අත්සන් කරන ලද මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ ආරක්ෂිත,  real-time  ගනුදෙනු හරහා ඩිජිටල් පහසුව වැඩි දියුණු කිරීම සහ මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීමයි.

මෙම හවුල්කාරිත්වය යටතේ HNB  විසින් ලිට්‍රෝ නියෝජිතයන්ට සහ අලෙවිකරුවන්ට  POS  යන්ත්‍ර ලබා දෙනු ඇති අතර මෙමගින් පාරිභෝගිකයන්ට කාඩ්පත් හෝ LankaQR  සමඟ අනුකූල Apps භාවිත කර පහසුවෙන් ගෙවීම් සිදු කිරීමට ඉඩ සලසයි. මෙම පියවර මගින් දෛනික ගනුදෙනුවලදී ගෙවීම් ආරක්ෂිතව සහ නිරීක්ෂණය කිරීම පහසු කරවන අතරම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් භාවිතයෙන් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ ඉලක්කයට සහාය වෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB  උප සභාපතිනි-කාඩ්පත් අංශය, ගෞතමී නිරන්ජන් මහත්මිය මෙසේ පැවසුවාය. ගෘහස්ථ ගෑස් බෙදා හැරීම වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා ඩිජිටල් ගෙවීම් විකල්ප හඳුන්වා දීම ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ගමනේ විශාල පියවරක් ලෙස පෙන්වා දිය හැකියි. මෙරට ජනතාවට ගෑස් මිලදී ගැනීමේදී ආරක්ෂිත සහ සරල ගෙවීම් ක්‍රම ලබා දීම සඳහා ලිට්‍රෝ සමඟ අත්වැල් බැඳගැනීමට හැකිවීම ගැන අපි ආඩම්බර වනවා.’’ 

තවද මෙම හවුල්කාරිත්වය මගින් ලිට්‍රෝ සමාගමට සිය ඩිජිටල් සැලසුම් සමග ඉදිරියට යාමට උපකාරී වනු ඇත. එමගින් ඔවුන්ගේ දෛනික මෙහෙයුම් වඩාත් කාර්යක්ෂමව කිරීමටත් ශ්‍රී ලංකාව පුරා සිටින ඔවුන්ගේ නියෝජිතයන්ගෙන් සහ අලෙවිකරුවන්ගෙන් ගෙවීම් එකතු කරන ආකාරය පැහැදිලිව නිරීක්ෂණය කිරීමත් පහසු කරනු ඇත.

“අපගේ පාරිභෝගිකයන්ට ඔවුන්ගේ දෛනික ගෑස් අවශ්‍යතා සඳහා ගෙවීම් කටයුතු කරන ආකාරය තෝරා ගැනීමේදී වැඩි පහසුවක් සහ වැඩි ගෙවීම් විකල්ප ලබා දීමට HNB සමග හවුල් වීමට ලැබීම ගැන අපි සතුටු වනවා. එමෙන්ම මෙම හවුල්කාරීත්වය ඩිජිටල්කරණය සඳහා වන අපගේ පුළුල් සැලැස්ම සමඟ හොඳින් ගැළපෙන අතර අපගේ සේවා සැපයීමේදී පාරිභෝගික අත්දැකීම්, ආරක්ෂාව සහ විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීම සඳහා වන කැපවීම ද පෙන්නුම් කරනවා.”යනුවෙන් ලිට්‍රෝ ගෑස් ලංකා සභාපති චන්න ගුණවර්ධන මහතා පැවසුවේය.

මීට අමතරව මෙම හවුල්කාරීත්වය ලිට්රෝ අලෙවි නියෝජිතයන්ට සහ බෙදාහරින්නන්ට ගෙවීම් වාර්තා පිළිබඳව නිවැරදි සැසඳීම් සිදු කිරීමට, පියවීම් වේගවත් කිරීම සහ මුදල් හැසිරවීමේදී ඇතිවන අවදානම් සහ පිරිවැය අඩු කිරීමට ද සහාය වනු ඇත. 



අදහස් (0)

HNB සහ ලිට්‍රෝ එක්ව ගෘහස්ථ ගෑස් බෙදා හැරීමට ඩිජිටල් ගෙවීම් හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 688 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17828 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site