IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


HNB සහ Browns EV හවුල්කාරීත්වයෙන් විදුලි වාහනවලට සුවිශේෂ ලීසිං විසඳුම්

Browns විදුලි වාහන මිලදී ගැනීමට කැමැති පාරිභෝගිකයන් සඳහා පහසු සහ දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීම සඳහා හැටන් නැෂනල් බැංකුව, Browns EV සමග පසුගියදා අත්වැල් බැඳගත්තේය- 
මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට දෙපාර්ශවය විසින් පසුගියදා අත්සන් කරන ලද අතර විශ්වාසදායක හවුල්කාරිත්වය හරහා ජනතාවට පරිසර හිතකාමී ප්‍රවාහනය වෙත ප්‍රවේශ වීමට HNB හි අඛණ්ඩ කැපවීම මෙයින් පෙන්නුම් කරයි- විදුලි වාහන වෙත මාරු වීමට කැමැති පාරිභෝගිකයන්ට දැන් Browns EV මාදිලි මිලදී ගැනීම සඳහා විශේෂ ලීසිං සැලසුම් කිහිපයකින් තෝරා ගත හැකිය.
HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ මෙම හවුල්කාරිත්වය පරිසර හිතකාමී බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා බැංකුවේ දැඩි කැපවීම පෙන්නුම් කරන බවයි. “ශ්‍රී ලංකාව කාබන් විමෝචනය අවම ආර්ථිකයක් කරා ගමන් කිරීම සඳහා HNB කැපවී සිටිනවා-Browns EV සමග ඇති මෙම හවුල්කාරිත්වය හරහා, අපි පාරිභෝගිකයන්ට ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන දැරිය හැකි සහ නම්‍යශීලී ලීසිං විසඳුම් සමඟ නවීන, බලශක්ති කාර්යක්ෂම වාහන සඳහා ප්‍රවේශය ලබා දෙනවා-” යනුවෙනි.
Browns EV නගර සහ තදාසන්න ප්‍රදේශ යන දෙකටම සුදුසු විදුලි වාහන පරාසයක් ඉදිරිපත් කරයි. දැරිය හැකි මිල, ඉහළ කාර්ය සාධනය සහ ශුන්‍ය විමෝචන ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රසිද්ධියක් උසුලන මෙම වාහන පුද්ගල හා ව්‍යාපාර යන දෙඅංශය අතර ජනප්‍රිය වෙමින් පවතී- මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ වැඩි පිරිසකට සහ ව්‍යාපාරවලට විදුලි වාහන වෙත පුළුල් ප්‍රවේශයක් ලබා දීම සහ ඒවායේ මූල්‍ය හා පාරිසරික ප්‍රතිලාභ ප්‍රවර්ධනය කිරීමයි. 
මේ පිළිබඳව අදහස් දක්වමින් Browns EV අධ්‍යක්ෂ නිවේන් නානායක්කාර මහතා පැවසුවේ “ශ්‍රී ලංකාවේ විදුලි වාහන සඳහා වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා HNB සමඟ අත්වැල් බැඳගැනීමට හැකි වීම ගැන අපි ඉතා සතුටු වෙනවා. Browns EV හි අප පරිසර හිතකාමී සහ දැරිය හැකි මිලකට උසස් තත්වයේ විදුලි වාහන ලබා දීමට කැපවී සිටිනවා.HNB හි නම්‍යශීලී ලීසිං විසඳුම් සමඟින් වැඩි පාරිභෝගිකයන් පිරිසකට විදුලි වාහන වෙත මාරු වීමට සහ අපේ රටට පරිසර හිතකාමී, හරිත අනාගතයක් සඳහා දායක වීම අපගේ බලාපොරොත්තුවයි-” යනුවෙනි-

 



අදහස් (0)

HNB සහ Browns EV හවුල්කාරීත්වයෙන් විදුලි වාහනවලට සුවිශේෂ ලීසිං විසඳුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 91 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site