සමූහයේ බදු පසු ලාබය (PAT) සියයට 42.5 කින් රුපියල් බිලියන 23.16 ක් දක්වා වර්ධනය වෙලා
බැංකුවේ ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 45.6 ක් ලෙස ස්ථාවර මට්ටමක
2025 පළමු අර්ධයේදී හැටන් නැෂනල් බැංකුව අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් ස්ථාවර සහ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කර ඇත. ඒ අනුව HNB සමූහයේ බදු පසු ලාබය (PAT) සියයට 42.5 කින් රුපියල් බිලියන 23.16 ක් දක්වා වර්ධනය වී ඇති අතර බැංකුවේ බදු පසු ලාබය සියයට 37.9 කින් වර්ධනය වී රුපියල් බිලියන 21.19 ක් බවට පත්ව ඇත.
පොලී සීමාවලට එරෙහි පීඩනයක් තිබූ නමුත්, 2025 පළමු අර්ධය තුළ බැංකුවේ ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 45.6 ක් ලෙස ස්ථාවර මට්ටමක පැවතුණි. ණය පොත ශක්තිමත් ලෙස වර්ධනය වුවද, පොලී අනුපාත පහත වැටීම හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව HNB හි පොලී ආදායම සියයට 11.3 කින් පහත වැටුණි. කෙසේ වෙතත්, ජංගම ගිණුම් හා ඉතිරි කිරීමේ තැන්පතු (CASA) පදනම ශක්තිමත් කිරීමට ගත් උපායමාර්ගික පියවර මගින් පොලී වියදම් ද සියයට 18.7 කින් අඩු වීම හේතුවෙන් මෙම බලපෑම සැලකිය යුතු ලෙස සමනය විය.
HNB ලබා ගත් මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් සභාපති නිහාල් ජයවර්ධන මහතා මෙසේ පැවසුවේය. “2025 වසරේ පළමු අර්ධය සඳහා අප ලබා ගත් මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව ඉතා සතුටුයි. එමගින් අපගේ හැට්නා පවුලේ නොසැලෙන කැපවීම සහ අපගේ වටිනා ගනුදෙනුකාරභවතුන් අප කෙරෙහි තබා ඇති දිගු කාලීන විශ්වාසය පෙන්නුම් කරනවා.”
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
HNB පළමු අර්ධයේදී ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි