
මෙරට සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වනHNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සිය ඩිජිටල් සේවා ශක්‍යතාව තවදුරටත් ඉහළ නංවමින්, මෑතකදී සිය නව ඩිජිටල් පාරිභෝගික සේවා සහකරු වන HNBGI NEXA චැට්බොට් සේවාව හඳුන්වා දීමට කටයුතු කළේය. විශේෂයෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ඩිජිටල් විසඳුම් හඳුන්වාදීම සම්බන්ධයෙන් කීර්තියක් උසුලන ප්‍රමුඛ පෙළේ ඉන්දීය තොරතුරු තාක්ෂණ සමාගමක් වනAccelTreeසමඟ සහයෝගීතාවෙන් නව සේවාව නිර්මාණය කර හඳුන්වාදීමටHNBජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් කටයුතු කර තිබිණි.
ඒ අනුව www.hnbgeneral.com වෙබ් අඩවිය හරහා දැන් ක්‍රියාත්මක වන HNBGI NEXA චැට්බොට් සහකරු, පැය 24 පුරාම ගනුදෙනුකරුවන්ට සාමාන්‍ය රක්ෂණ සේවා පිළිබඳව තොරතුරු ඉක්මනින් සහ පහසුවෙන් සපයමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් පාරිභෝගික සේවයේ ගුණාත්මකබව විශාල වශයෙන් ඉහළ නැංවීමට දායකත්වය දක්වා ඇත.HNBGI NEXA සේවාව හරහා බොහෝ දුරට ගනුදෙනුකරුවන් විසින් නිතර අසන ප්‍රශ්න සහ තොරතුරු විමසීම්වලට කාර්යක්ෂම පිළිතුරු සැපයීම සාර්ථකව සිදුකරන අතර ඉන් ඔබ්බට ගිය වැඩිදුර විස්තර සැපයීම අවශ්‍යවන අවස්ථාවලදී 1303 ක්ෂණික ඇමතුම් අංකය හරහා නියෝජිතයකු හා සම්බන්ධ කිරීමටද එය කටයුතු කරයි. මේ අයුරින් ඩිජිටල් තාක්ෂණය හරහා කාර්යක්ෂමව තොරතුරු සැපයීමත්, නියොජිතයකුගේ මැදිහත්වීම හරහා තොරතුරු ලබා දීමත් අතර සාර්ථක සමබරතාවක් පවත්වා ගැනීමටHNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සමත් වී තිබීම විශේෂත්වයකි.
HNBGI NEXA සේවාව හඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා මෙසේ පැවසීය, “HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් වශයෙන් අපි නිරන්තරයෙන්ම උත්සාහ දරන්නේ සරල, පහසුවෙන් ප්‍රවේශ විය හැකි මෙන්ම පහසුවෙන් භාවිතා කළ හැකි සේවා අපේ පාරිභෝගිකයන් වෙනුවෙන් හඳුන්වාදීමටයි.
2025 දෙසැම්බර් මස 04
507
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
474
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ඩිජිටල් පාරිභෝගික සේවා ඉහළ නංවමින් HNBGI NEXA සේවාව අරඹයි