IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


HNB කාඩ්පත් හිමියන්ට අවුරුදු සමයේ වට්ටම් සමගින් සුවිශේෂී දීමනා

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව උදා වන අලුත් අවුරුදු උත්සව සමය නිමිති කරගනිමින් සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත්හිමියන්ට සුවිශේෂී වට්ටම්, පහසු ගෙවීමේ සැලසුම් සහ ආකර්ෂණීය තෑගි දිනා ගැනීමට මෙවරත් අවස්ථාව සලසා දී ඇත. 2025 මාර්තු සහ අප්‍රේල් මාසය පුරා ක්‍රියාත්මක මෙම ප්‍රවර්ධන වැඩසටහනෙන් සියයට 70ක් දක්වා වට්ටම් මෙන්ම අමතර ගාස්තු රහිත වාරික ගෙවීමේ සැලසුම් හා සුවිශේෂී ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව HNB  ත් හිමියන්ට උදා වේ.

සුපිරි වෙළෙඳසැල්, විලාසිතා අලෙවිසැල්, ඉලෙක්ට්‍රික් භාණ්ඩ අලෙවිසැල්, ගෘහ භාණ්ඩ අලෙවිසැල්, ජනප්‍රිය අවන්හල්, සංචාරක හා විවේකාස්වාද සේවා සපයන්නන්, ශරීර සුවතා සේවා සහ සූර්ය පැනල ඇතුළු වෙළෙඳ සහකරුවන් 300කට අධික සංඛ්‍යාවක් සමඟ අත්වැල් බැඳගනිමින් මේ අලුත් අවුරුදු උත්සව සමයේදී සිය පාරිභෝගිකයන්ට අදහාගත නොහැකි ඉතුරුම් සමග සුවිශේෂී ප්‍රතිලාභ භුක්ති විඳීමේ අවස්ථාවHNB සලසා දී ඇත. සතියේ දවස් හත පුරා ක්‍රියාත්මක මෙම දීමනා අත්විඳිමින් උත්සව සමයේ තමන්ට රිසි සේ සාප්පු සවාරි අත්දැකීමක් විඳ ගැනීමටHNB කාඞ්පත් හිමියන්ට දැන් අවස්ථාව ඇත. 

උදාවන අවුරුදු සමය වෙනුවෙන් ඉතා වැදගත් වන එදිනෙදා ජීවිතයේ අවශ්‍ය බඩු භාණ්ඩ සිය පාරිභෝගිකයන් වෙත පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ලබා දීම සඳහා පුළුල් පරාසයක වෙළෙඳ අලෙවිසැල් සමඟ HNB අත්වැල් බැඳගෙන සිටියි. තමන් කැමැති පරිදි ඇඳුම්-පැළඳුම්, පාවහන්, උපාංග, ඉලෙක්ට්‍රොනික් උපකරණ, ගෘහ උපකරණ, සූර්ය පැනල, පෞද්ගලික ආරක්ෂණ හා යෝග්‍යතා නිෂ්පාදන මිලදී ගැනීමේදී සැලකිය යුතු මුදලක් ඉතිරි කර ගැනීමට මේ හරහා HNB කාඩ්පත් හිමියන්ට හැකිය. මීට අමතරව Keells, Cargills, Arpico, Glomark, SPAR සහ LAUGFS ඇතුළු සුපිරි වෙළෙඳසැල්වලින් සුවිශේෂී වට්ටම් හිමි කර ගනිමින් උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගික ජනතාවට හැකි වනු ඇත.

තවද HNB පාරිභෝගිකයන්ගේ එදිනෙදා වියදම්වලට තවත් පහසුවක් එක් කරමින් තෝරාගත් පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවන් සමඟ එක්ව මාස 48ක් දක්වා අමතර ගාස්තු රහිත වාරික ගෙවීම් සැලසුම් ලබා දීමට කටයුතු කර ඇත. මීට අමරව ඉලෙක්ට්‍රික් උපකරණ, ගෘහ උපකරණ ඇතුළු විවිධ කාණ්ඩ රැසක් සඳහා මාස 3, 6, 12, 24 සහ 36 දක්වා පහසු ගෙවීමේ සැලසුම් ද හඳුන්වා දී තිබීම තවත් විශේෂත්වයකි. තමන්ගේ වියදම් මනාව කළමනාකරණය කරමින් නිවසට අවශ්‍ය ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, වායු සමීකරණ හා අනෙකුත් වටිනා උපකරණ මිලදී ගැනීමේ අවස්ථාව ද HNB කාඩ්පත් හිමියන්ට උදා කර දී ඇත. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB කාඩ්පත් ප්‍රධානී ගෞතමී නිරන්ජන් මහත්මිය මෙසේ පැවසුවාය. “අපගේ කාඩ්පත් හිමියන් වෙත නිරන්තරයෙන් සුවිශේෂී වටිනාකමක් ලබා දීමට කැපවී කටයුතු කරන අප මේ අලුත් අවුරුදු උත්සව සමයේදී ද එම වටිනාකම ඔවුන් වෙත ලබා දීමට කටයුතු කරනවා. අසමසම වට්ටම්, අමතර ගාස්තු රහිත වාරික ගෙවීම් හා ආකර්ෂණීය ත්‍යාග සමඟින් මෙම කාලය තුළ ලබා දෙන හොඳම දේ පාරිභෝගිකයන් වෙත ලබා දීම අපගේ බලාපොරොත්තුවයි. මෙය ආරම්භයක් පමණක් වන අතර, තවත් බොහෝ ප්‍රතිලාභ ඉදිරියේදී ඔවුන්ට හිමි කර දීමට අපි සූදානමින් සිටිනවා.” 

සාප්පු සවාරිවලට පමණක් නොව සුප්‍රසිද්ධ හෝටල් හා නිවාඩු නිකේතන, ආහාරපාන හා ගමන් බිමන් වැනි සියලු අවස්ථාවලදී සුවිශේෂී ප්‍රතිලාභ ලබා දීමට ද HNB මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ කටයුතු කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව දීප ව්‍යාප්ත ප්‍රමුඛ පෙළේ හෝටල්, නිවාඩු නිකේතන හා අවන්හල් තුළින් HNB කාඩ්පත් හිමියන්ට විශේෂ දීමනා ලබා දෙමින් ඔවුන්ට තම විවේකය හා විනෝදය සමඟින් රසවත් භෝජන අත්දැකීමක් සපුරා ගැනීමට බැංකුව අවස්ථාව ලබා දී ඇත. තවද ගුවන් ටිකට්පත්, සංචාරක පැකේජ සහ සංචාර සඳහා වන වියදම් සඳහා මාස 24ක් දක්වා අමතර ගාස්තු රහිත වාරික ගෙවීම් සැලසුම් සමඟින් උත්සව සමයේ සංචාරවල නියැලීමට දැඩි කැමැත්තක් දක්වන HNB කාඩ්පත් හිමියන්ට ද මෙම ප්‍රතිලාභ භුක්ති විඳිය හැකිය.

මීට අමතරව බැංකුව විසින් උත්සව සමයේ පාරිභෝගිකයින්ගේ සතුට තව තවත් තීව්‍ර කරමින් සියලු වියදම් සහිත සිංගප්පූරු සංචාරයක් දිනා ගැනීමේ අවස්ථාවද HNB කාඞ්පත් හිමියන් වෙත උදා කර දී ඇත. 



අදහස් (0)

HNB කාඩ්පත් හිමියන්ට අවුරුදු සමයේ වට්ටම් සමගින් සුවිශේෂී දීමනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 179 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2066 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1585 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site