IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


HNB ඇෂුවරන්ස් LMD 100 ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 13ක් ඉහළට

HNB ඇෂුවරන්ස් PLC (HNBA) නවතම LMD 100 ශ්‍රේණිගත කිරීම්වල සැලකිය යුතු ප්‍රගතියක් සනිටුහන් කරමින් ශ්‍රේණි 13කින් ඉහළ ගොස්, 64 වැනි ස්ථානය හිමි කරගෙන ඇත. මෙමගින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගමක් ලෙස වන තම ප්‍රතිරූපය HNB ඇෂුවරන්ස් නැවතත් තහවුරු කරගෙන තිබේ. පසුගිය වසර කිහිපය තුළ HNB ඇෂුවරන්ස් තම අරමුණ තුළ ශක්තිමත්, නැණවත් සහ වඩාත් ඒකාබද්ධ වී ඇති අතර, මුහුණ දෙන්නට සිදු වන අභියෝග, ප්‍රගතිය සඳහා වන අනගි අවස්ථා බවට පෙරළමින් සිය මෙහෙයුම්වල සෑම අංශයක්ම වඩාත් කාර්යක්ෂම කරන්නට ද සමත් වී ඇත.

LMD 100 ශ්‍රේණිගත කිරීම වනාහි ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත ප්‍රසිද්ධ සමාගම්වල මූල්‍ය ක්‍රියාකාරිත්වය වාර්ෂිකව ඇගැයීමට ලක් කරන ප්‍රකට ශ්‍රේණිගත කිරීමකි. 2026 වන විට සියයට 10ක වෙළෙඳපොළ කොටසක් අත්කරගැනීමේ අභිලාෂ පිරි ගමනේ පූර්ව අත්‍යන්ත අදියරට ලැබුවා වූ 2025 වසර මුල පුරන හෙයින්, මෙම වසර ආරම්භයෙහි සිටම පසුගිය වසර කිහිපය තුළ පවත්වාගෙන ආ වර්ධන ගම්‍යතාව වඩාත් ක්‍රමානුකූලව උපයෝගි කරගැනීමට HNB ඇෂුවරන්ස් සැලසුම් කරමින් සිටියි. ඉහත ඉලක්කය ක්‍ෂේත්‍රයේ පුරෝගාමියකු ලෙස තම ප්‍රතිරූපය තහවුරු කරගැනීම, එය වැඩිදියුණු කිරීම සහ ඒ සඳහා නිසි ලෙස ස්ථානගත වීම අරමුණු කරගත්තකි.

සමාගම අත් කරගෙන ඇති ශ්‍රේණිගත කිරීම ගැන අදහස් දැක්වූ HNB ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලසිත විමලරත්න මහතා මෙසේ පැවැසීය. “LMD 100 ශ්‍රේණිගත කිරීම මගින් අපගේ විශිෂ්ට කණ්ඩායමේ සාමූහික ප්‍රයත්න මෙන්ම අපගේ ගනුදෙනුකරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබිඹු වෙයි. මේ අනුව අපගේ මූලික ව්‍යාපාරය ශක්තිමත් කිරීමට නවෝත්පාදන ආදේශ කරගැනීමට සහ අපගේ සියලුම පාර්ශ්වකරුවන්ට තිරසර අගයක් ලබා දීමට HNB ඇෂුවරන්ස් කැපවී සිටියි.

පසුගිය 2024 වසරෙහි තුන්වැනි කාර්තුව අවසන් වන විට රක්ෂණ ක්‍ෂේත්‍රයේ සාමාන්‍යයට වඩා බෙහෙවින් ඉහළ වර්ධනයක් අපි අත්කරගත්තෙමු. එය 2022 සිට අප අඛණ්ඩව පවත්වාගෙන යන කැපී පෙනෙන ජයග්‍රහණයකි. මෙම සාර්ථකත්වයට හේතු වී ඇත්තේ උපදේශක බෙදාහැරීමේ සහ හවුල්කාරිත්ව ජාල දෙකෙහිම අපගේ අලෙවි බළකාය ප්‍රදර්ශනය කළ සුවිශේෂි උත්සාහය සහ අපගේ සියලුම කණ්ඩායම්වල සහයෝගිතාවයි. එමෙන්ම 2026 වසරේ සියයට 10ක ප්‍රගතියක් අත්කරගැනීමේ අපගේ දැක්ම හුදෙක් වචනයට පමණක් සීමා නොවූ බවත්, ජීවිත වඩාත් සුබදායක ලෙස වෙනස් කිරීමට, ප්‍රජාව නගාසිටුවීමට සහ ක්‍ෂේත්‍රයේ නව මිණුම් දර්ශක සම්පාදනය කිරීමේ අපගේ පුළුල් අභිලාෂය සනිටුහන් කරන්නක් බවත් මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුයි. 



අදහස් (0)

HNB ඇෂුවරන්ස් LMD 100 ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 13ක් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

දිගුකාලීන ආර්ථික වර්ධනයකට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි
2025 මැයි මස 06 62 0

කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට


ලංකාවේ ආයෝජනයට වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරියුම්
2025 මැයි මස 06 119 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


අප්‍රේල් මාසයේදී මහ බැංකුව ඩො.මි. 160 ක් මිලට අරන්
2025 මැයි මස 06 187 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ


කොටස් ගනුදෙනු අද පැය තුනකට පමණයි
2025 මැයි මස 06 26 0

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන


එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග හවුල්කාරීත්වය දීර්ඝ කරයි
2025 මැයි මස 06 33 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව


හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක්
2025 මැයි මස 06 28 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1210 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 301 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1335 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site