
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි 25වැනි සංවත්සරය මෙම වසරට යෙදෙන බැවින් සමාගමටත් එහි කාර්ය මණඩලයට හා ගනුදෙනුකාර භවතුන්ට සෙත්පතා සුවිශේෂී සර්ව ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කළේය.
සර්ව ආගමික වැඩසටහන් මාලාවෙහි බෞද්ධ සහ ක්‍රිස්තියානි සැමරුම් වැඩසටහන් නාවල පිහිටි HNB FINANCE ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී. බෞද්ධ ආගමික වැඩසටහන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් ලෙස සංවිධානය කර තිබූ අතර පසුදා භික්ෂුන්වහන්සේ විසිපස් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිළිගන්වමින් නිමාවට පත් කෙරුණි. නාවල වික්‍රමසිංහාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී කලංකුට්ටියේ සෝරත හිමි ගේ අනුශාසකත්වයෙන් මෙම පින්කම සංවිධානය කෙරිණි. HNB FINANCE 25 වැනි සංවත්සරයට සමගාමීව පැවැත්වුණු කිතුණු දේව මෙහෙය කොළඹ 08, ශාන්ත ඇලෝසියස් දෙව්සත්හලේ අදියුරු ප්‍රසාද් හර්ෂණ පියතුමන්ගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.
මෙම අවස්ථාවලට HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත්, නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී මදුරංග හීන්කෙන්ද යන මහත්වරු ඇතුළුව ඉහළ කළමනාකාරීත්වයද ප්‍රධාන කාර්යාලයේ සහ ශාඛා කාර්ය මණ්ඩලයේ නිලධාරීහුද සහභාගී වූහ.
මෙම සර්ව ආගමික වැඩසටහන් මාලාවේ හින්දු ආගමික වැඩසටහන මඩකලපුව ආනයිපන්ති ශ්‍රී සිත්ති විග්නේශ්වර හින්දු කෝවිල් පරිශ්‍රයේදී බාලසිවරමනා පූජකතුමන්ගේ මෙහෙයවීමෙන් සිදුකරන ලද අතර මේ සඳහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මානව සම්පත්, රුවන් ප්‍රනාන්දු මහතා ඇතුළු ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් සහ මඩකලපුව, කල්මුණේ ඇතුළු උතුර නැගෙනහිර පලාත්හි ක්‍රියාත්මක HNB FINANCE ප්‍රාදේශිකවල කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකාර භවතුන් ඇතුළුව විශාල පිරිසක් එක් වූහ.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා මෙසේ පැවසීය. “මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ හැඩතලය වෙනස්කරමින් අභිමානවත් ගමනක් පැමිණි HNB FINANCE PLC සමාගම පසුගිය දශක දෙකහමාරක කාලයක් මුළුල්ලේම පාරිභෝගික අවශ්‍යතා නිසි ලෙස හඳුනාගමින් එම අවශ්‍යතාවලට අනුව සිය සේවා වැඩි දියුණු කරගත් මෙරට මූල්‍ය සමාගම් අතුරින් ඉදිරියෙන්ම සිටින සමාගමක් ලෙස සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.
ශ්‍රී ලංකාව පුරාම ශාඛා ජාලය ව්‍යාප්ත කරමින් රටක් ලෙස අප මුහුණ දුන් වඩාත් අභියෝගාත්මක කාලවකවානුව තුළ වූවද සමාගමේ සේවකයන් සහ පාරිභෝගිකයන් ද රැකගනිමින් ලාබදායීත්වය ද සැලකිය යුතු වර්ධනයක පවත්වාගෙන යමින් මෙහෙයුම් කටයුතු සිදු කිරීම සැබවින්ම අභියෝගාත්මක අත්දැකීමක් වුණා. මේ සෑම අභියෝගයකදීම අපගේ විශාලතම ශක්තිය වූයේ අපගේ සහෘද සේවක මඩුල්ල සහ දශක දෙකහමාරකට අධික කාලයක් පුරා අප හා විශ්වාසයෙන් බැඳි සිටි අපගේ ගෞරවනීය ගනුදෙනුකාර ප්‍රජාවයි.
2025 දෙසැම්බර් මස 04
129
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
361
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
HNB FINANCE 25 වැනි සංවත්සරයට සමගාමීව සර්ව ආගමික වැඩසටහන් මාලාවක්