භානුක අමරසිංහ
මෙරට ක්‍රියාත්මක බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව බංග්ලාදේශයේ Bank Alfalah හි මෙහෙයුම් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් වන කටයුතු අත්හැර දැමීමට තීරණය කළ බව පවසයි. පසුගිය අප්‍රේල් 02 වැනිදා රැස් වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විශේෂ හමුවකදී මෙම තීරණය ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ලංකාදීප FT වෙත අදහස් දැක්වූ හැටන් නැෂනල් බැංකුවේ ප්‍රකාශකයකු, බංග්ලාදේශයේ දේශපාලන අස්ථාවරත්වයත් සමගින්ම උද්ගතව ඇති වර්තමාන ආර්ථික අස්ථාවරත්වය බැංකුවේ මෙම තීරණයට හේතුව වූ බව පවසා සිටියේය. හැටන් නැෂනල් බැංකුව මෙම Bank Alfalah අත්පත් කරගැනීම සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු මාසයේදී පළමුවරට අනාවරණය කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
HNB බංග්ලාදේශයේ Bank Alfalah අත්පත් කරගැනීම අත්හරී