IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් නායකත්වයේ විශිෂ්ටත්වය Great Managers Awards 2024 උළෙලේදී සම්මානයට

සිය ආයතනික සංස්කෘතිය තුළ විශිෂ්ට නායකත්ව පෞරුෂ පෝෂණය කිරීම පිළිබඳව කීර්තියක් උසුලන HNB  ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම, පසුගියදා පැවති Great Managers Awards 2024 සම්මාන උළෙලේදී තවත් සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. කොළඹ නායකත්ව ඇකඩමිය විසින් සංවිධානය කරන ලද Great Managers Awards  2024 සම්මාන උළෙලේදී HNB  ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර සාමාජිකයන් දෙදෙනෙක් වන නියෝජිත ජාල ප්‍රධානී රුවන් වීරසිංහ සහ සහකාර කලාපීය කළමනාකරු (වයඹ) සුරංග රෝසා යන මහත්වරු මෙලෙස සම්මානයට පාත්‍ර වූහ.  
Great Managers Awards  2024 සම්මාන වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල ආයතනවලට නායකත්වය දෙන කළමනාකරුවන්ගේ නායකත්ව හැකියාව ඇගයීමට ලක් කරන අතර ඔවුන් තමන් යටතේ වන කණ්ඩායම් එම ආයතනවල දැක්ම හා සමපාතව, ආයතනයේ ඉලක්ක ජය ගැනීම සඳහා මෙහෙයවා ඇති ආකාරය එම ඇගයීමේදී සලකා බලනු ලබයි. ක්‍ඛ් පුහුණු හා උපදේශන ආයතනයේ උපායමාර්ගික සහයෝගීතාව ඇතිව සිදු කෙරෙන මෙම වැඩසටහන, ඵලදායී නායකත්වය සහ දක්ෂතා සංවර්ධනය කිරීම සඳහා ජාතික මට්ටමේ නිර්ණායක සම්පාදනය කිරීමෙහිලා වැදගත් කාර්යභාරයක් සිදු කරයි. මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා මෙසේ පැවසුවේය. “රුවන් සහ සුරංග ලැබූ මේ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ඔවුන්ට සුභපතන අතරම ඔවුන් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම තුළ ඉටු කරන නායකත්වයේ භූමිකාව මේ ආකාරයේ ඇගයීමට ලක්වීමට ඉතාම සුදුසු බවත් මම විශේෂයෙන් පවසා සිටිය යුතුයි. HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විශිෂ්ට පාරිභෝගික සේවය, නව්‍යකරණය වැනි විවිධ අංශවල දීර්ඝකාලීනව සාර්ථක වීමට මූලිකම හේතුව වන්නේ අපේ ආයතනික සංස්කෘතිය තුළ නායකත්ව ගුණාංග සංවර්ධනයට ලබා දෙන වැදගත්කමයි. ඒ නිසා අපේ සාමාජිකයන් දෙදෙනකුගේ නායකත්ව හැකියාව ජාතික සම්මාන උළෙලකදී මෙලෙස ඇගයීමට පාත්‍ර වීම  සමස්ත ආයතනයම ලැබූ ඇගයීමක්”.HNBජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම මෙලෙස Great Managers Awards 2024 ජාතික සම්මාන උළෙලේදී ගෞවරයට පාත්‍ර වන්නේ මෑතකදී ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ සාමාන්‍ය රක්ෂණ සමාගම වශයෙන් LMD  සම්මානිත සමාගම් ලැයිස්තුවේ මුල් තැනට තේරී පත්වන අතරම, Fitch Rating  විසින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ මූල්‍ය ශක්තිය, මෙහෙයුම් ස්ථාවරත්වය සහ වෙළෙඳපොළ ප්‍රමුඛස්ථානය තහවුරු කරමින් ‘A(lka)’  ශ්‍රේණිය දක්වා සමාගම උසස් කර තිබූ අවස්ථාවකදී වීම විශේෂත්වයකි. 
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම මෝටර් සහ මෝටර් නොවන රක්ෂණයේ සිට වෛද්‍ය, නිවාස, ගිනි, සමුද්‍ර, සංචාරක සහ ඉංජිනේරු රක්ෂණ වැනි පුලුල් පරාසයක සාමාන්‍ය රක්ෂණ සේවා මෙන්ම අස්වනු සහ පශූ සම්පත් සඳහා වන පරාමිතික රක්ෂණය වැනි නව රක්ෂණ විසඳුම් හඳුන්වාදීමටද කටයුතු කර ඇති ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමකි. 



අදහස් (0)

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් නායකත්වයේ විශිෂ්ටත්වය Great Managers Awards 2024 උළෙලේදී සම්මානයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 155 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 359 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site