
ජ්‍යෙෂ්ට පුරවැසියන්, සුවය ලබමින් සිටින රෝගීන්, සුව පහසු රැකවරණයක් බලාපොරොත්තු වන පුද්ගලයන් සඳහා වෙන් වූ මෙරට පළමු සුවතා මධ්‍යස්ථානය වන Grand Leisure Care and Wellness Resort අංක 7, පළඟතුරේ නැගෙනහිර, කොච්චිකඬේ, මීගමුව ලිපිනයේදී විවෘත විය.
ආගන්තුක සත්කාර, සෞඛ්‍යාරක්ෂාව, මානසික සුවතාව වෙනුවෙන් කැප වූ එම ආයතනයට දැනටමත් ඇත්තේ විශාල ඉල්ලුමකි. “මෙය හුදෙක් වැඩිහිටි නිවාසයක් නොවෙයි; වෘත්තීය මට්ටමේ රැකවරණයක් සමග අභිමානය, නිදහස සහ සතුට පිරුණු පරිසරයක සුව පහසු ජීවිතයක් ගත කිරීමට බලාපොරොත්තු වන ජ්‍යෙෂ්ට පුරවැසියන් සඳහාම වෙන් වූ පාරාදීසයක්.” එහි ප්‍රකාශකයෙක් පැවසීය.
එකිනෙකට වෙනස් අවශ්‍යතා සහ මූල්‍ය හැකියාවලට ගැළපෙන පරිදි නවාතැන් කාණ්ඩ රැසක් හඳුන්වා දී ඇත. තනිව හෝ පවුලේ සාමාජිකයන් සමග නිදහසේ ජීවත් වීමට බලාපොරොත්තු වන ජ්‍යෙෂ්ට පුරවැසියන් හෝ යුවල සඳහා ගැළපෙන විශාල ප්‍රමාණයේ පෞද්ගලික ඒකක, තනි කාමර, දෙදෙනකුට නවාතැන් ගත හැකි කාමර, කිහිප දෙනකුට නවාතැන් ගත හැකි ඒකක ඒ අතර වේ. වායුසමීකරණ, ස්මාට් රූපවාහිනී, වයි ෆයි, අභ්‍යන්තර නාන කාමර සහ පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකතන පද්ධති ඇතුළු පහසුකම් සමග සුව පහසු ජීවිතයක් අත්විඳිය හැකිය. අවශ්‍ය නම් වෛද්‍ය ඇඳන් සහ පැය 24 පුරා ක්‍රියාත්මක වෛද්‍ය සේවාද ගත හැකිය. නවාතැන්, ආහාර පාන, සුවතා පරීක්ෂණ, පෞද්ගලික රැකවරණය වැනි සියලු පහසුකම්වලින් සමන්විත සම්පූර්ණ පැකේජයක් සඳහා ගෙවිය යුතු මාසික ගාස්තුව රුපියල් 95,000ක් (ආසන්න වශයෙන් ඩොලර් 315ක්) පමණ වේ. සම්පූර්ණ පැකේජය සඳහා ජ්‍යෙෂ්ට පුරවැසියන්ට සහ විශ්‍රාමිකයන්ට සියයට 40ක සුවිශේෂ වට්ටමක්ද හඳුන්වා දී ඇත.
2025 දෙසැම්බර් මස 18
573
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
Grand Leisure Care and Wellness Resort මීගමුවේදී විවෘත වේ