IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


Fusion ඇපරල් වෙතින් ඩො .මි .1.06 ක නව ආයෝජන ව්‍යාපෘතියක්

බ්‍රැන්ඩික්ස් සමාගමේ හවුල්කාර සමාගමක් වන FUSION APAREL (PVT) LTD ආයතනය නව ඇඟලු‍ම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක් අත්සන් කළේය. නව ආයෝජනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1.06 කි. මෙම ව්‍යාපෘතියෙන් මේ වනවිට ලොව පුරා විශාල ඉල්ලු‍මක් පවතින ඉහළ ආදායමක් ලබා දෙන තාක්‍ෂණය මත පදනම් වූ මැලියම් බන්ධිත ඇඟලු‍ම් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතයි.

Fusion Apparel විසින් ඇඟලු‍ම්වල සාම්ප්‍රදායික මැහුම් වෙනුවට ඇඟලු‍ම්වල ක්‍රියාකාරීත්වය ඉහළ නංවන අනාගත තාක්‍ෂණයක් වන මැලියම් බන්ධන හඳුන්වා දෙයි. විශේෂිත මැලියම් භාවිත කිරීමෙන්, මෙම ක්‍රමය බාධාවකින් තොරව නිමාව, වැඩි කල්පැවැත්ම සහ පළඳින්නන් සඳහා වැඩි දියුණු කළ සුවපහසුව සහතික කරයි. මැලියම් බන්ධනයේ ඇති සුවිශේෂත්වය නම් දියර මැලියම් මඟින් මැහුම් රහිත නිෂ්පාදන නිෂ්පාදනය කිරීමේදී ඉහළ මට්ටමේ කාර්යක්ෂමතාවක් සහ පරිමාණයක් ලබා දීමයි. එහි ස්ථාවර යෙදුම නිෂ්පාදන ගුණාත්මක භාවය ඉහළ නංවයි. මෙමගින් වඩා උසස් නිමි භාණ්ඩ නීෂ්පාදනය වේ. මැලියම් බන්ධනය මූලික රෙදිපිළි හිරුඑළියට ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කරයි.

Fusion Apparel සමාගම ලොව ප්‍රමුඛපෙළේ නිෂ්පාදන සහ ජනප්‍රිය ජාත්‍යන්තර සන්නාම සමඟ ක්‍රියා කරයි. මෙම ගෝලීය සන්නාම සඳහා වැඩිවන ඉල්ලු‍මට සැපයීම ලබා දෙමින් වැඩි විදේශ විනිමයක් ඉපැයීම නව ව්‍යාපෘතියෙන් සිදු වනු ඇත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ඇගලු‍ම් සමාගම් රැසක් මේ වනවිටත් මැලියම් බන්ධන නිෂ්පාදන කෙරේ යොමු වෙමින් පවතී. මෙම ව්‍යාපෘතියෙන් කර්මාන්තය සඳහා තාක්‍ෂණික දැනුම තවදුරටත් වැඩිදියුණු කරන අතර නව රැකියා අවස්ථා 100 ක් පමණ ජනිත කරයි.

මේ වනවිට  Brandix සමාගම ලොව ප්‍රචලිත සන්නාම යටතේ නිෂ්පාදනයට හවුල්කාරිත්වය දරයි. ගෝලීය වෙ​ෙළඳපොළේ කීර්තිමත් නාමයකට හිමිකම් කියන  Brandix සමාගම සිය නිෂ්පාදනවල ගුණාත්මක භාවය ඉහළ නංවයි.  Brandix  දළ වශයෙන් USD මිලියන 10 ක සම්පූර්ණ ව්‍යාපෘති ආයෝජනයක් අපේක්ෂා කරයි.

 



අදහස් (0)

Fusion ඇපරල් වෙතින් ඩො .මි .1.06 ක නව ආයෝජන ව්‍යාපෘතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 289 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 93 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 783 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site