IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


FitsAir ගුවන් සමාගම තෙවැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, සිය ජාත්‍යන්තර මගී ගුවන්  මෙහෙයුම්හි තුන වසරක අත්දැකීම අභිමානයෙන් යුතුව සමරයි. එය ශ්‍රී ලාංකිකයන් සඳහා ගුවන් ගමන් පහසුකම් සපයන මෙහෙවරෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත. 

පසුගිය වසර තුළ FitsAir ගුවන් සමාගම සුවිශේෂී වර්ධනයක් සමගින් ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට සමත් විය. FitsAir සේවය සිය ජාලයේ නව ගමනාන්තයක් ලෙස ක්වාලාලම්පූර් වෙත ගුවන් මෙහෙයුම් සාර්ථකව දියත් කළ අතර, ඉහළ යන ඉල්ලු‍ම සපුරාලමින් මාලේ සහ ඩකා වෙත ද තම ගුවන් ගමන් වාර ප්‍රමාණය වැඩි කිරීමට ද කටයුතු කර ඇත. එමෙන්ම මෑතකදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු​ෙපාළෙහි බිම් මට්ටමේ මෙහෙයුම් සිදු කිරීම සඳහා අනුමැතිය ලබාගෙන තිබීම ද FitsAir හි ස්වාධීන කාර්යක්ෂමතාවක් සමගින් විශිෂ්ට සේවාවක් ලබා දීම කෙරෙහි ඇති කැපවීම මනාව ඉස්මතු කරයි.  

සිය තුන්වැනි සංවත්සරය සැමරීම පිළිබඳව අදහස් දක්වමින් FitsAir ගුවන් සමාගමේ විධායක අධ්‍යක්ෂ Ammar Kassim මහතා මෙසේ පැවැසීය. FitsAir ගුවන් සමාගම, සැලකිය යුතු වර්ධනයක් සහ දැක්මක් සමගින් මෙතෙක් පැමිණි ගමන්මග සුවිශේෂී වෙනවා. මේ වනවිට අපගේ ගුවන් සේවාව නව වර්ධනයක් ළඟා කර ගනිමින් සිටින අතරම, අපගේ ගුවන් මෙහෙයුම් ශක්තිමත් කරමින් පාරිභෝගිකයන්ගේ සුවපහසුව උදෙසා විශාල වශයෙන් ආයෝජනය කරමින් සිටිනවා. 

FitsAir  ගුවන් සමාගමේ තෙවැනි සංවත්සරය නිමිත්තෙන්, සීමිත කාලීන ප්‍රවර්ධන සේවා ගුවන් මගීන් වෙනුවෙන් හඳුන්වා දී ඇති අතර, කොළඹ සිට ඩුබායි, ක්වාලාලම්පූර්, මාලේ සහ ඩකා වෙත ආකර්ෂණීය ගාස්තුවක් සමගින් කිලෝග්‍රෑම් 20ක පරීක්ෂා කරන ලද ගමන් මලු‍ සහ කිලෝග්‍රෑම් 7ක අත් ගමන් මලු‍ පහසුකම් දීමනාවක් ද ඊට ඇතුළත් කර තිබේ. මෙම විශේෂ ගාස්තු ප්‍රවර්ධනය සීමිත කාලයක් සඳහා ලබා ගත හැකිය.



අදහස් (0)

FitsAir ගුවන් සමාගම තෙවැනි සංවත්සරය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site