ශ්රී ලංකාවේ පළමු පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, මැලේසියාවේ ක්වාලාලම්පූර් වෙත ගුවන් ගමන් ආරම්භ කර තිබේ. ඒ අනුව මෙරට ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවාවක් වශයෙන් එම ගුවන් සමාගම කලාපීය ජාලයේ ශක්තිමත්භාවය පුළුල් කර ගැනීමට සමත්ව ඇත.
ක්වාලාලම්පූර් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීම ලබන අප්‍රේල් 04 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, සතිපතා ගුවන්ගමන් වාර 04ක් සමගින් එය දියත් කිරීමට නියමිතව තිබේ. FitsAir ගුවන් සමාගම සිය මෙහෙයුම් පුළුල් කිරීම ඔස්සේ කලාපීය ගුවන් සේවා අංශයේ භූමිකාව තවදුරටත් ශක්තිමත් වන අතර, දැරිය හැකි මිලකට සහ විශ්වාසවන්ත ගුවන් ගමන් සඳහා වැඩිවන මගීන්ගේ ඉල්ලුම සපුරාලීම සඳහා FitsAir හි කැපවීම ද ඉස්මතු වේ.
ක්වාලාලම්පූර් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීම, FitsAir ගුවන් සමාගමෙහි ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙසින් කැපී පෙනේ. එමෙන්ම මෙම නවතම ගුවන් මාර්ගය ඔස්සේ වෙළෙඳ කටයුතු හා සංචාරක ගුවන් ගමන් සඳහා වැඩි අවස්ථා නිර්මාණය වන අතර, දැරිය හැකි මිලකට ගුවන් මගීන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ගුවන් සේවාවක් වශයෙන් ද ස්ථානගත වේ.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
FitsAir ක්වාලාලම්පූර් වෙත ඍජු ගුවන් සේවා ආරඹයි