IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


First Capital සමාගමට රුපියල් බිලියන 2.15ක බදු පසු ලාබයක්

ජනශක්ති සමූහයට අනුබද්ධිත සහ පුරෝගාමී පූර්ණ සේවා ආයෝජන ආයතනයක් වන First Capital සමූහය, 2025 ජූනි 30න් අවසන් වූ පළමු කාර්තුව සඳහා බදු පසු ලාබය ලෙස රුපියල් බිලියන 2.15ක් වාර්තා කිරීමට සමත් විය. එය පෙර වසරේ අදාළ කාලය තුළ වාර්තා වූ රුපියල් මිලියන 582ට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයකි. මෙම ශක්තිමත් කාර්යසාධනයෙන්, සාර්ථක උපායමාර්ගික සැලැස්මක් සහ විවිධාංගීකරණය වූ ව්‍යාපාර කළඹක් සහිත, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආයෝජන ආයතනයක් ලෙස සමූහයේ ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරයි.
2025/26 පළමු කාර්තුව සඳහා මෙහෙයුම් වියදම් වලට පෙර, සමූහයේ ශුද්ධ වෙළෙඳ ආදායම රුපියල් බිලියන 3.40ක් වූ අතර එය පසුගිය වසරේ එම කාර්තුවේදී වාර්තා වූ රුපියල් බිලියන 1.12ට සාපේක්ෂව සැලකිය යුතු ඉහළ යාමකි. මෙය මුදල් ප්‍රතිපත්ති අනුපාතය අඩු කිරීමෙන් පසු පොලී අනුපාත පහත වැටීම හේතුවෙන් ඇති වූ හිතකර වෙළෙඳපොළ තත්වයක කාර්යක්ෂම ක්‍රියාත්මක වීමෙන් අත්පත් කරගත් වර්ධනයකි. 
සමූහයේ ප්‍රාථමික අලෙවිකරණ අංශය මේ සඳහා සුවිශේෂී දායකත්වය ලබාදෙමින්, 2025/26 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 1.55ක බදු පසු ලාබයක් (2024/25 - රු. මිලියන 464) වාර්තා කළේය. මෙයට රජයේ සුරැකුම්පත් වෙළෙඳාමෙන් ලැබූ රුපියල් බිලියන 2.06ක වෙළෙඳ ලාබය හා රුපියල් මිලියන 503ක ශුද්ධ පොලී ආදායම ඇතුළත් වේ. පෙර වසරේ ඒවා පිළිවෙළින් රුපියල් මිලියන 462ක් සහ රුපියල් මිලියන 387ක් විය.
ආයතනික මූල්‍ය උපදේශන සහ ගනුදෙනු සුරැකුම්පත් අංශ ද 2025 ජුනි 30න් අවසන් වූ පළමු කාර්තුව සඳහා සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළ අතර, ඒකාබද්ධ බදු පසු ලාබය රුපියල් මිලියන 587ක් (2024/25 - රුපියල් මිලියන 73) ලෙස වාර්තා විය. මෙය ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්‍රියාකාරකම්වල සහ ආයෝජක රුචියේ නැවුම් වෙනසක් පිළිබිඹු කරයි.
තවද වත්කම් කළමනාකරණ අංශය මෙම වසරේ පළමු කාර්තුව සඳහා රුපියල් මිලියන 27ක බදු පසු ලාබයක් (2024/25 - රුපියල් මිලියන 29) වාර්තා කළ අතර, 2025 ජූනි 30 වන විට අදාළ අංශයේ කළමනාකරණය යටතේ ඇති වත්කම් (AUM) රුපියල් බිලියන 108ක් (2025 මාර්තු 31 - රුපියල් බිලියන 112) ලෙස සටහන් විය. 
කොටස් තැරැව්කාර අංශය සිය වර්ධනය අඛණ්ඩව සාක්ෂාත් කරගනිමින්, 2025/26 පළමු කාර්තුව සඳහා රුපියල් මිලියන 32ක බදු පසු ලාබයක් වාර්තා කළේය. එය පෙර වසරේ අදාළ කාලය තුළ වාර්තා වූ රුපියල් මිලියන 15ට වඩා දෙගුණයකටත් වඩා වැඩිවීමකි.
මෙම ශක්තිමත් කාර්ය සාධනය මත පදනම්ව, Lanka Rating Agency Limited (LRA විසින් සමාගමේ ණය ශේණිගත කිරීම “A” සිට “A+” දක්වා ඉහළ නංවා ඇති අතර, සමාගමේ වැඩිදියුණු කළ මූල්‍ය ශක්තිය සහ වර්ධනය වන වෙළෙඳපොළ විශ්වාසය ඉස්මතු කරමින්, ධනාත්මක ඉදිරි දැක්මක සිට ස්ථාවර ඉදිරි දැක්මක් බවට සංශෝධනය කර ඇත.



අදහස් (0)

First Capital සමාගමට රුපියල් බිලියන 2.15ක බදු පසු ලාබයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site