IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


FentonsIT සමග සහයෝගීතාවෙන් IceWarp විද්‍යුත් තැපැල් විසඳුම ලංකාවට

ව්‍යාපාරික සන්නිවේදන විසඳුම් පිළිබඳ ප්‍රමුඛතම ගෝලීය සමාගමක් වන IceWarp විසින් ඔවුන්ගේ අති නවීන තාක්ෂණයෙන් යුතු විද්‍යුත් තැපැල් විසඳුම (Email) නිල වශයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි. මෙමඟින් විද්‍යුත් තැපෑල (Email) සහ ඒ හා සමගාමී සහයෝගීතා විසඳුම් පිළිබඳ යුරෝපීය තාක්ෂණික විශේෂඥතාව මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙත පිරිනමයි.

Hayleys Fentons සමාගමේ තොරතුරු තාක්ෂණික අංශය වන Fentons Information Technology (FIT) සමඟ ආරම්භ කරන ලද ව්‍යාපාරික සහයෝගීතාව ඔස්සේ මෙය මෙහෙයවනු ලැබීම මෙහිදී වඩාත් සුවිශේෂී වේ.

Hayleys PLC හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් පසුගියදා කොළඹ කිංස්බරි හෝටල් පරිශ්‍රයේ පැවැති මෙම නවතම විද්‍යුත් තැපැල් (Email) විසඳුම හඳුන්වාදීමේ සුවිශේෂී අවස්ථාවට සහභාගී වී සිටියහ.

මෙහිදී මෙම ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳ මනා පැහැදිලි කිරීමක් සිදුකරමින් IceWarp හි ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී ඇඩම් පැක්ල්ට් (Adam Paclt) මහතා සහ එහි ඉන්දියාව සහ මැදපෙරදිග කලාපයන්හි ප්‍රධාන විධායක නිලධාරී ප්‍රමෝද් ෂාර්ඩා (Pramod Sharda) මහතා ඇතුළු ඔවුන්ගේ ඉහළ පෙළේ කළමනාකාරීත්වය විසින් මෙම නවතම විද්‍යුත් තැපැල් විසඳුමෙහි වැදගත්කම අවධාරණය කරන ලදි. මෙම අවස්ථාව සඳහා තොරතුරු තාක්ෂණික වෘත්තිකයන්, රජයේ නිලධාරීන්, ආයතනික ප්‍රධානීන්, බැංකු මූල්‍ය සේවා සහ රක්ෂණ අංශවල ප්‍රධාන තොරතුරු තාක්ෂණික නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක් වී සිටීම විශේෂත්වයකි.

ශ්‍රී ලාංකික ව්‍යාපාර වලට Microsoft 365 සහ Google Workspace සඳහා දැරිය හැකි සිය ව්‍යාපාරික පරිමාණයන්ට ගැළපෙන ආරක්ෂිත විකල්පයක් වෙත ප්‍රවේශ විය හැකි කදිම අවස්ථා මෙම හඳුන්වාදීමත් සමඟ හිමි වී තිබේ. එපමණක් නොව මෙම IceWarp හි උසස් තාක්ෂණික සේවා පෙළ ඔස්සේ සන්නිවේදනය වඩාත් විධිමත් කරමින් ඵලදායිතාව ඉහළ නැංවීම සිදුකරන අතර එමඟින් පුළුල් පරාසයක් දක්වා පැතිරුණු තනි හෝ සාමූහික තලයේ සන්නිවේදන කාර්යයන් ඒකාබද්ධ කිරීමක් ද සිදු කරයි.

ව්‍යාපාර පරිසරය තුළ ඉතාමත් පහසු ලෙස සහ එහි ආරක්ෂාව හා ක්‍රියාකාරීත්වයට කිසිදු බාධාවක් නොවන පරිදි සිය සන්නිවේදන ක්‍රියාවලිය ඵලදායී අයුරින් සිදු කිරීමේ හැකියාව IceWrap ඔස්සේ හිමි වන අතර එහි නම්‍යශීලී දෙමුහුන් යෙදවීමේ විසඳුම ඔස්සේ යොදවන පිරිවැයට වඩාත් යෝග්‍ය ලාභදායී හා කාර්යක්ෂම විසඳුම් ද හිමි වේ. 

මෙම නවතම හඳුන්වාදීම සම්බන්ධයෙන් සිය අදහස් එක් කරමින් IceWrap හි ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී ඇඩම් පැක්ල්ට් මහතා මෙසේ ප්‍රකාශ කළේය. ”‍ශ්‍රී ලංකාවට IceWrap නිල වශයෙන් හඳුන්වාදීමට ලැබීම ඔස්සේ අපගේ ගෝලීය ව්‍යාප්තියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමක්. ඒ පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත් වෙනවා. FentonsIT සමඟ අපගේ විශ්වසනීය ව්‍යාපාරික සහයෝගීතාව මඟින් මෙරට ව්‍යාපාරවල සන්නිවේදන කටයුතු සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන නව්‍ය ආරක්ෂිත විසඳුම් ඒ හා සමගාමීව ලබාදීමට හැකි වීම ගැනත් අපි නිහතමානීව ආඩම්බර වෙනවා.”‍ 

මෙම අවස්ථාවට සහභාගී වූවන්ට IceWarp හි පරිශීලක-හිතකාමී අතුරුමුහුණත මඟින් සන්නිවේදන කාර්යයන් කළමනාකරණය පහසු කරන ආකාරය සහ ඒ හරහා කාර්යක්ෂමතාව වැඩි දියුණු කරමින් සහයෝගීතාව වර්ධනය කරන ආකාරය පිළිබඳ සියැසින්ම අත්විඳීමේ අවස්ථාව උදාවිය. එසේම බාධාවකින් තොරව IceWarp වෙත ප්‍රවේශ වීමේ හැකියාව නිරන්තරයෙන්ම ලබාදී ඇති අතර සෑම දිනකම පැය 24 පුරා සතියේ දින 7ම දේශීය භාෂාවලින් ක්‍රියාත්මක වන පාරිභෝගිකයන් වෙනුවෙන්ම කැපවූ සුවිශේෂී උපදේශන සේවාවන්ද IceWarp තුළින් ලබා දෙයි. ඒ තුළින් කුඩා, මධ්‍යම හා මහා පරිමාණයේ සියලු‍ම ව්‍යාපාර සඳහා සරල මෙන්ම පහසු වෙනසක් සහතික කරනු ලබයි. 

IceWarp මඟින් ලබාදෙන මෙම තාක්ෂණික සහයෝගීතාව ඔස්සේ ශ්‍රී ලංකාවේ ආයතනික අංශය කෙරෙහි ඔවුන් දක්වන කැපවීම මනාව ඉස්මතු වේ. එමෙන්ම එය දිගු කාලීන ආයෝජන සඳහා දේශීය ව්‍යවසායකයන් සවිබල ගැන්වීම කෙරෙහි ද වැදගත් වේ. GDPR, HIPPA, ISO සහ අනෙකුත් ගෝලීය දත්ත ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූලව පරිශීලකයන්ගේ අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා ChatGPT ඇතුළු AI තාක්ෂණයෙන් බලගැන්වූ මෙවලම් ඒකාබද්ධ කරමින් පරිශීලකයන් වෙත සමීප කරවීම මෙහිදී වඩාත් කැපී පෙනෙන ලක්ෂණයක් වන අතර මේ තුළ IceWarp විසින් ව්‍යාපාරවල දත්ත ආරක්ෂාව මෙන්ම මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ඵලදායිතාවට ප්‍රමුඛත්වය ලබා දීමට සමත් වේ. 

Hayleys Fentonts හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා මෙම නවතම තාක්ෂණික සහයෝගීතාවේ වැදගත්කම පිළිබඳ පැහැදිලි කරමින් මෙසේ සඳහන් කළේය. “ශ්‍රී ලංකාව වෙත අන්තර්ජාතික මට්ටමේ තාක්ෂණික විසඳුම් රැගෙන ඒමට FentonsIT කැපවී සිටින බවයි. මෙසේ IceWarp සමඟ ආරම්භ කෙරුණු අපගේ හවුල්කාරීත්වය හරහා සහයෝගීතාව සහ කාර්යක්ෂමතාව වර්ධනය කරන අතරම ඵලදායීතාවෙන් යුතු අවම පිරිවැය සහිත නව්‍ය සන්නිවේදන විසඳුමක් මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙත පිරිනැමීමට අපිට හැකියාව ලැබී තිබෙනව.

 



අදහස් (0)

FentonsIT සමග සහයෝගීතාවෙන් IceWarp විද්‍යුත් තැපැල් විසඳුම ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 170 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2059 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site