IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


Federation University මෙල්බර්න්හීදී CBD Campus විවෘත කරයි

මෙල්බර්න් හී CBD Campus විවෘත කරමින් සිය අධ්‍යාපන සේවා තවදුරටත් පුළුල් කිරීමට Federation University Australia  කටයුතු කර තිබේ. මෙමගින්  අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධිකාරීන් සහ අනෙකුත් ආයතන අතර අනාගත අධ්‍යයන්‍ පිළිබඳ  සහයෝගීතාව වැඩිදියුණු  කර ඇති අතර ජාත්‍යන්තර සිසුන්ටද එම ආයතනවල අධ්‍යාපන කටයුතුවල නියැලීම සඳහා මාවත සකස් කර දී තිබේ. මෙම නවතම CBD Campus හරහා මෙල්බර්න් හි අධ්‍යයන හා වෘත්තීය ප්‍රජාව අතර ආයතනික පැවැත්ම  තවදුරටත් සවිමත් වේ. එමෙන්ම  අධ්‍යයන නවෝත්පාදන සම්බන්ධයෙන් City Centre Campus  දක්වන ප්‍රමුඛත්වය ද මෙම co-operative educational  ක්‍රමය ඔස්සේ  මැනවින් ප්‍රදර්ශනය වේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් Federation University Australia  හි උපකුලපති සහ සභාපති මහාචාර්ය ඩන්කන් බෙන්ට්ලි මහතා මෙසේ ප්‍රකාශ කළේය. ”‍අලු‍තින් ස්ථාපනය කළ  CBD University සතු නවීන පහසුකම් ඔස්සේ මීළඟ පරම්පරාවේ නායකයන්ට සහ චින්තකයන්ට කදිම ආරම්භක වේදිකාවක්   සකස් කරනවා. අධ්‍යයන ක්ෂේත්‍රයට මෙන්ම ප්‍රජාව වෙත ද මහඟු‍ සේවයක් එමගින් සිදු කරනවා. එමෙන්ම මෙය උසස් අධ්‍යාපන කටයුතු සඳහා වඩාත් ගැළපෙන ඉගෙනුම් පරිසරයක් මෙන්ම හරිත ශිෂ්‍ය අවකාශ නිර්මාණය කිරීමට  උපකාරී වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.”‍
මේ වන විට ජාත්‍යන්තර සිසුන් සඳහා ද මෙම විශ්වවිද්‍යාලය විවෘතව පවතී. උසස් අධ්‍යාපන ආයතන අතර අධ්‍යයන කටයුතු, අනාගත වර්ධනය සහ සහයෝගීතාව  පෝෂණය කිරීමට ද මෙය දායක වන අතර අවශ්‍ය පහසුකම් සපුරමින් විශිෂ්ටත්වය වෙත ළඟාවීම සඳහා සිසුන් වෙත අවස්ථාව සලසයි. තවද, අධ්‍යාපන ක්ෂේත්‍රයේ  හවුල්කාරීත්වය දරන සම්පත් දායකයන් සහ දේශීය ව්‍යාපාර දායක කරගනිමින් වැඩමුළු සහ තොරතුරු සැසි  ආදී විවිධ අවස්ථා සම්පාදනය කර නව සබඳතා ගොඩනගා ගැනීම  සඳහා ද මේ ඔස්සේ සිසුන්ට අවස්ථාව සලසා දෙයි.
Nawaloka College of Higher Studies හි (NCHS) ප්‍රධාන විධායක නිලධාරී සහ නියෝජ්‍ය සභාපති වික්ටර් රාමනන් මහතා මෙම නව සමාරම්භය පිළිබඳ සිය සුබ පැතුම් එකතු කරමින් අනාගත අභිවෘද්ධිය කෙරෙහි මෙම සහයෝගීතාව ඉවහල් වන ආකාරය පිළිබඳව පැහැදිලි කළේය.

 



අදහස් (0)

Federation University මෙල්බර්න්හීදී CBD Campus විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site