ස්වාභාවික රබර් පමණක් මූලික අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන රබර් මෙට්ට, කොට්ට ඇතුළු විවිධ නිෂ්පාදන මෙරටදීම නිපදවා අපනයනය කරන මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන Earthfoamපෞද්ගලික සමාගම මෑතකදී රුපියල් මිලියන 15කට අධික මුදලක් වැය කරමින් රබර් ගොවීන්ගේ දරුවන්ට පාසල් බෑග් සහ අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතියක් සාර්ථකව අවසන් කළේය.
එම ව්‍යාපෘතිය යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ජීවත් වන පාසල් ළමයින් 1,900කට අධික පිරිසකට රුපියල් මිලියන 15කට අධික වටිනාකමකින් යුතු පාසල් බෑග් සහ අභ්‍යාස පොත් ප්‍රදානය කරන ලදී.
2022දී ඇරැඹූ Earthfoamසමාගම සියයට 100ක් ස්වාභාවික සහ කාබනික රබර් භාවිත කර සකසන නිෂ්පාදන යුරෝපය සහ ඇමෙරිකාව ඇතුළු රටවල් 30කට වැඩි සංඛ්‍යාවකට අපනයනය කරයි. එම සමාගම ඔවුන්ටම ආවේණික ක්‍රම සහ සුවිශේෂ යන්ත්‍රෝපකරණ භාවිතයෙන් සිය නිෂ්පාදනවල කල් පැවැත්ම, සුවපහසුව සහ ආරක්‍ෂිත බව සහතික කරයි. 1,500කට වැඩි දේශීය ගොවීන්ගේ කාබනික රබර් වගාවලින් සපයා ගන්නා ස්වාභාවික රබර් පමණක් භාවිත කිරීම හරහා තත්වයෙන් ඉහළ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමට ඔවුන්ට හැකි වී ඇත.
ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ‘Fair for Life’සහතිකය දිනා ගත් පළමු මෙට්ට නිෂ්පාදකයා වන Earthfoamසමාගම රබර් ගොවීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධනය උදෙසා විවිධ ව්‍යාපෘති නිරන්තරයෙන් දියත් කරයි. එම සමාගමට අයත් කර්මාන්තශාලාව හොරණ පිහිටා ඇති අතර, ඔවුන්ගේ නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිපදවනHexagon Asia පෞද්ගලික සමාගමට අයත් කර්මාන්තශාලාව ඇහැලියගොඩ පිහිටා ඇත. දේශීය සහ විදේශීය සම්මාන සහ තත්ව සහතික රැසකින් පිදුම් ලබා ඇති Earthfoamසමාගම සෑම විටම සිය නිෂ්පාදනවල වෙනත් සංඝටක සමග මිශ්‍ර කළ රබර් අඩංගු නොවන බව තහවුරු කරයි.
-595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
Earthfoamවෙතින් රබර් ගොවීන්ගේ දරුවන්ට රු.මි.15කට වැඩි පාසල් උපකරණ