ස්වාභාවික රබර්වලින් මෙට්ට, කවර සහ කොට්ට නිපදවා අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගමේ නවතම රබර් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය මොණරාගලදී විවෘත විය. රබර් කිරි එකතු කිරීමේ ක්‍රියාවලිය වඩාත් පහසු සහ කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් ඉදි කර ඇති එය අති නවීන පහසුකම්වලින් සමන්විතය.
බොහෝ රබර් ගොවීන්ට රබර් කිරිවල නිවැරැදි වෙළෙඳපොළ මිල දැන ගැනීමට අවස්ථාවක් නැති නිසා අඩු මිලට කිරි අලෙවි කිරීමට සිදු වේ. කිරි මිල දී ගන්නා ඇතැම් සමාගම්ද නිසි මිලක් නොගෙවයි. රබර් වගාව ප්‍රචලිත වෙමින් පවතින වියළි කලාපයේ මෙම ගැටලුව වැඩි වශයෙන් තිබේ. මොණරාගල දිස්ත්‍රික්කය තුළ කාබනික රබර් වගාව ව්‍යාප්ත කිරීමට Earthfoam සමාගම විශාල වශයෙන් දායක වී ඇත. මෙම රබර් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය පිහිටුවීමෙන් ගොවීන්ගේ ශ්‍රමයට සාධාරණ මිලක් ලැබෙයි.
Earthfoam සමාගම Ceylinco Life Insurance සමඟ එක් වී හඳුන්වා දුන් තුරුශක්ති රක්ෂණාවරණයෙන් රබර් ගොවීන් 1,700කට පමණ සහ එම වගාවල කිරි කපන්නන්ට ප්‍රතිලාභ ලැබේ. ‘Fair Trade’ සංකල්පය යටතේ හඳුන්වා දී ඇති ඊට රෝහල්ගත වීම්, බරපතල රෝග, ස්වාභාවික සහ හදිසි මරණ ඇතුළත් වේ. 800ක පිරිසකට රක්ෂණාවරණ පිරිනමමින් ඇරඹුණු එම වැඩසටහනෙන් 2025 වන විට ප්‍රතිලාභ ලබන පිරිස 3,000 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. රබර් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේදී Earthfoam ප්‍රධාන විධායක නිලධාරී ජානුක කරුණාසේන පැවසුවේ තම සමාගම සෑම විටම ගොවීන්ගේ සහ කිරි කපන්නන්ගේ ජීවන තත්වය උසස් කිරීමට කටයුතු කරන බවයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
Earthfoam සමාගමෙන් රබර් කිරි එකතු කිරීමේ නව මධ්‍යස්ථානයක්