IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


Delmege සමාගම Hettich සමග හවුල්කාරීත්වයක

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික විවිධාංගීකරණය වූ වසර 175ක ඉතිහාසයක් සහිත සමූහ ව්‍යාපාරයක් වන Delmege සමාගම, පසුගියදා ගෘහ භාණ්ඩ අනුබද්ධීකරණ විසඳුම්, මුළුතැන්ගෙයි Electric උපකරණ, දොර අනුබද්ධීකරණ විසඳුම් සඳහා වසර 137ක ගෝලීය වශයෙන් කීර්තියට පත් ලොව ප්‍රමුඛපෙළේ ජර්මානු ජීවන රටා සන්නාමයක් වන Hettich සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වයට එළැඹීම සිදුවිය.

මෙම උපායමාර්ගික හවුල්කාරීත්වය හරහා නේවාසික හා වාණිජ අවශ්‍යතා ද්විත්වයටම ගැළපෙන පරිදි අතිනවීන, ජර්මානු ඉංජිනේරු අනුබද්ධීකරණ විසඳුම් මෙරටට හඳුන්වාදෙමින් කර්මාන්ත ක්ෂේත්‍රයෙහි විප්ලවීය වෙනසක් සනිටුහන් කරනු ලබයි. Hettich හි ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වූ පුළුල් නිෂ්පාදන පරාසය නිරවද්‍යතාව, නවෝත්පාදනය හා ඉහළ ක්‍රියාකාරීත්වය මෙන්ම කල්පැවැත්ම, ගුණාත්මකභාවය සමඟ අසමසම උසස් කාර්යසාධනයක් අඩංගු වන පරිදි නිර්මාණය කර තිබීම සුවිශේෂ කරුණකි.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් Delmege Forsyth  හි උපායමාර්ගික ව්‍යාපාර සංවර්ධන හා සැලසුම් අධ්‍යක්ෂ අම්රිත් ආදිහෙට්ට් මහතා මෙසේ සිය අදහස් දැක්වීය.”‍ඉංජිනේරු සහ නවෝත්පාදන ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයේ ගෝලීය ප්‍රමුඛ ජර්මානු සන්නාමයක් වන  Hettich  සමඟ හවුල්කාරීත්වයට එළඹීමට ලැබීම ගැන අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. ශ්‍රී ලංකාව පුරා Delmege හි පුළුල් බෙදාහැරීම් ජාලය හරහා Hettich ගෘහ භාණ්ඩ අංගෝපාංග, මුළුතැන්ගෙයි Electric උපකරණ සහ දොර අංගෝපාංග නිෂ්පාදනය පරාසයේ අත්දැකීම මෙරට පාරිභෝගිකයන්ට ලබාදීමට හැකිවීම පිළිබඳව අපි ආඩම්බරයට පත්වෙනවා.”

Vallibel one හා Delmege LTD හි කළමනාකාර අධ්‍යක්ෂිකා දිනුෂා භාස්කරන් මහත්මිය මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වූවාය. “ Delmage  සමාගම තම පාරිභෝගිකයන්ට ප්‍රමුඛපෙළේ නිෂ්පාදන සහ විසඳුම් සැපයීමට නිරතුරුවම කැපවී සිටිනවා. Hettich  හි ගෘහ භාණ්ඩ අංගෝපාංග, මුළුතැන්ගෙයි උපකරණ හා දොර අංගෝපාංග මඟින් අපි සපයනු ලබන අභ්‍යන්තර විසඳුම්වල ක්‍රියාකාරීත්වය, අලංකාරත්වය හා ගුණාත්මකභාවය වැඩිකිරීමටDelmege හට හැකිවන බව අපගේ විශ්වාසයයි.”‍

Hettich සන්නාමය ගෝලීය වශයෙන් නවෝත්පාදනය හා නිරවද්‍යතාවෙන් යුතු නිෂ්පාදන සඳහා කීර්තිමත් සන්නාමයක් ලෙස ප්‍රකටය. ගෘහ භාණ්ඩ අංගෝපාංග සඳහා උසස් වර්ගයේ සරනේරු, ලාච්චු පද්ධති සහ ස්ලයිඩින් දොර සවිකිරීම්වලින් සමන්විත වන අතර මුළුතැන්ගෙයි Electric උපකරණ සඳහා බිල්ට් - ඉන් මුළුතැන්ගෙයි විසඳුම්වලින් ද අන්තර්ගත වනු ලබයි. එසේම දොර අංගෝපාංග ප්‍රධාන වශයෙන් වැඩිදියුණු කළ ආරක්ෂාකාරී මෙන්ම නවීන අගුල් හා හැන්ඩ්ල් වලින් සමන්විතය.

ගෘහ නිර්මාණ ශිල්පීන්,ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරතවන පිරිස් මෙන්ම නිවාස හිමියන් යන සියල්ලන්ටමHettic සන්නාමයේ ගෘහ භාණ්ඩ හා උපාංග වඩාත් උචිත පරිදි අවශ්‍යතා මත තෝරාගැනීමේ පහසුවෙන් යුක්තය. මෙම නිෂ්පාදන Delmege  හි පුළුල් වගකීමක් සහිත බෙදාහැරීමේ ජාලය හරහා ලබාගත හැකි අතර, එමඟින් මෙරට ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා කඩිනමි හා ගුණාත්මකව ඉටුකරනු ලබයි.



අදහස් (0)

Delmege සමාගම Hettich සමග හවුල්කාරීත්වයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 206 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site