IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


Dearo Investment සමාගමට People’s Excellency සම්මාන හතරක්

Dearo Investment  පෞද්ගලික සමාගම People`s Excellency  2024 සම්මාන උළෙලේදී වසරේ සේවා ස්ථාන සංවර්ධන විශිෂ්ටතා සම්මානය, විශිෂ්ටම පාරිභෝගික සේවා සපයන්නාට හිමි සම්මානය, විශිෂ්ටම සමූහ මූල්‍ය සමාගමට හිමි සම්මානය සහ විශිෂ්ටම ව්‍යවසාය මූල්‍ය සමාගමට හිමි සම්මානය යන සම්මාන හතරෙන් පිදුම් ලැබීය.
නවීන තාක්ෂණය සහ ඩිජිටල්කරණය සමග ඉදිරියට යනDearo Investment සමාගම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන ලෙස සැකසූ පෞද්ගලික සහ ව්‍යාපාර මූල්‍ය සේවාවල ණය, ආයෝජන වැනි සේවා රැසක් සපයයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, හවුල් ව්‍යාපාර සහ ආරම්භක අවස්ථාවේ පවතින ව්‍යාපාර සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම, දැනට පවතින ව්‍යාපාරවල ප්‍රාග්ධනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ව්‍යවසායක ණය සැපයීම එම සමාගමේ ප්‍රධාන සේවා අතර වේ. 
පාරිභෝගිකයන්ට නව්‍ය සහ කාර්යක්ෂම මූල්‍ය විසඳුම් සැපයීමට මුල් තැන දෙන කාර්ය මණ්ඩලයක් හරහා සේවා සපයන එම සමාගම සතු ශාඛා ගණන 30කට අධික වේ. ආරම්භයේ පටන් ක්ෂුද්‍රල සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය කිරීමට ප්‍රමුඛතාව දෙන Dearo Investment  සමාගම මූල්‍යල ව්‍යාපාර සහ නීති, ආහාර පාන, සංචාරක, අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ, රථ වාහන, කෘෂිකාර්මික, වැවිලි වැනි ක්ෂේත්‍ර රැසක් පුරා විහිදී යන ලෙස සිය ව්‍යාපාර පුළුල් කර ඇත.  Dearo Investment  ප්‍රධාන විධායක නිලධාරි / කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රසන්න සංජීව මහතා යටතේ එම සමාගම ක්ෂේත්‍රයේ ඉදිරියටම පැමිණ තිබේ. ප්‍රභාෂ් ගුණරත්න, උපුල් එදිරිසූරිය, තරිඳු ධනංජය සමරවික්‍රම, නෙරංජන් වර්ණසූරිය සහ මානව සම්පත් හා පරිපාලන විධායක අධ්‍යක්ෂ තිලිනි කල්හාරි ඒකනායක යන අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සමාගමේ අභිවෘද්ධිය උදෙසා ඔහුට සහාය වෙති. 

 



අදහස් (0)

Dearo Investment සමාගමට People’s Excellency සම්මාන හතරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site