IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


Datatech සමාගමට විශිෂ්ටතා සම්මාන දෙකක්


ශ්‍රී ලංකාවේ ජපන් භාෂා පාසල් අතර ප්‍රමුඛයකු වන Datatech Lanka  සමූහ ව්‍යාපාරයට අයත් Institute of Datatech Lanka පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකයන්ගේ සංගමය සංවිධානය කළ 2024 ජාතික ව්‍යවසාය විශිෂ්ටතා ජනාධිපති සම්මාන උළෙලේදී විශිෂ්ට සේවාවක් සැපැයීම වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ අතර එහි නිර්මාතෘ ශ්‍රීමත් තිළිණ චාමර මදුනෙත් ගුලවිට මහතාට විශිෂ්ට නායකත්ව සහ ව්‍යවසාය දැක්ම අගයමින් 2024 සඳහා වන ආසියානු ජාතික ව්‍යවසාය විශිෂ්ටතා සම්මානය පිරිනැමිණි. 

අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට ප්‍රමුඛ දායකත්වයක් දක්වා ඇති එම ආයතනය විදේශ අධ්‍යාපන අංශය යටතේ ස්වර්ණසිංහ ජාතික සම්මානයෙන්ද,  Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී සේවා විශිෂ්ටතා සම්මානයෙන්ද පිදුම් ලැබුවේ ආයතනය ආරම්භයේ සිටම ලාංකික සිසුන්ට සිදු කළ විශිෂ්ට සේවය නිසාය.

Datatech Lanka ජපන් භාෂා පාසල, ජපන් භාෂා අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙන්ම සංස්කෘතික හුවමාරු ක්ෂේත්‍රයේද විශ්වාසනීය සන්නාමයක් වී ඇත. Datatech ආයතනය මීට පෙරද තත්ව සහතික සහ සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. 



අදහස් (0)

Datatech සමාගමට විශිෂ්ටතා සම්මාන දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 247 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site