IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


DIMO වෘත්තීය පුහුණු උපකරණ නිෂ්පාදනයට පිවිසෙයි

ශ්‍රී ලංකාව තුළ වෘත්තීය අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන, මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සිය වෘත්තීය පුහුණු අධ්‍යාපනික ආයතනය වන 'DIMO Academy for Technical Skills (DATS)' හරහා පුහුණු උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා යොමු වී ඇති බව එම සමාගම සඳහන් කරයි.

මෙම නව මුලපිරීමට සමගාමීව GIZ සංවිධානයේ අරමුදල් සම්පාදනයෙන්, කිලිනොච්චියේ පිහිටා ඇති ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනය (SLGTI) වෙනුවෙන් DATS ආයතනය විසින් පසුගිය දා සුවිශේෂී ව්‍යාපෘතියක් දියත් කරන ලදී. එහි දී මෝටර් රථ ආශ්‍රිත පාඨමාලා සඳහා Hybrid හා CTV ඇතුළු ගියර් පද්ධතිය ආශ්‍රිත පුළුල් පරාසයක් ආවරණය කරන නව පුහුණු උපකරණ හඳුන්වා දීම සිදු කෙරිණි. 

DATS විසින් මෙම ව්‍යාපෘතිය සඳහා ක්‍රියාකාරී මෝටර් රථවල විවිධ වාතාවරණය පාලනය කිරීමේ හා ඉන්ධන ඇතුළත් කිරීමේ සිමියුලේටර් සහ Wheel Alignment සඳහා විශේෂ සිමියුලේටර් ද සපයන ලද අතර, තාක්ෂණික දත්ත, පරිශීලක අත්පොත් හා මෙහෙයුම් පුහුණුව ලබා දීම ද DATS ආයතනය මගින් ම සිදු කිරීම විශේෂිතය.

එමෙන් ම DATS මගින් මෝටර් රථ තාක්ෂණ පුහුණු පාඨමාලාවලට අමතරව, ගොඩනැගිලි කළමනාකරණ ක්ෂේත්‍රයට අවශ්‍ය පුහුණු උපකරණ සැපයීම ද සිදු කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසීය. ”‍රටේ ආර්ථික සංවර්ධනයට වෘත්තීය අධ්‍යාපනය අත්‍යවශ්‍ය අංගයක්. එය DIMO හි තිරසාර න්‍යාය පත්‍රයේ කොටසක් වගේ ම මේ රටේ ජනතාවගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීම වෙනුවෙන් අප ගන්නා උත්සාහයේ වැදගත් කොටසක්. මෙම ක්ෂේත්‍රය ගුණාත්මක ව සංවර්ධනය කිරීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වෙනවා.”‍

595



අදහස් (0)

DIMO වෘත්තීය පුහුණු උපකරණ නිෂ්පාදනයට පිවිසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site