IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


DIMO බෙදාහරින මහින්ද්‍රා Yuvo Tech ට්‍රැක්ටරයට ගොවීන්ගේ ඉහළ ප්‍රතිචාර

  • සුපිරි ඉන්ධන කාර්යක්ෂමතාවෙන් ආර්ථිකයට වැඩි වාසියක්
  • ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ඔරොත්තු දීම

DIMO සිය කෘෂිකාර්මික අංශය වන DIMO Agribusinesses හරහා 2023 මහ කන්නයේදී හඳුන්වා දුන් Mahindra Yuvo Tech+ 585 4WD  ට්‍රැක්ටර් රථය 2024  මහ කන්නයේදී බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර ඒ සඳහා හොඳ ඉල්ලු‍මක්ද නිර්මාණය වී ඇතැයි එම සමාගම කියයි. පසුගිය  අගෝස්තු මාසයේදී  මෙරට ගොවි ජනතාව කෘෂි යාන්ත්‍රිකරණයට යොමුවීම  වේගවත් කිරීමටත් ඒ තුළින් ඔවුන්ගේ ජීවන තත්ව ඉහළ නැංවීම සඳහා දියත් කළ ‘මහට වහින වාසි වැස්ස’  වැඩසටහනට ද සාර්ථක ප්‍රතිචාර හිමි වී ඇතැයි ද එම සමාගම කියයි.                    

DIMO හි දීර්ඝකාලීන හවුල්කරුවකු වන Mahindra Tractors ආයතනයේ ඉහළම තාක්ෂණය යොදාගනිමින් Mahindra Yuvo Tech+ 585 4WD  ට්‍රැක්ටර් රථය නිර්මාණය කර ඇත.

Mahindra Yuvo Tech+ 585 4WD  ට්‍රැක්ටර් රථය සතු සුවිශේෂ නව ගුණාංග නිසා කෙටි කලක් තුළ ප්‍රචලිත වූ අතර එය නිසැකවම වගා කටයුතුවල කාර්යක්ෂමතාව ඉහළ නංවන නිවැරැදිම තෝරාගැනීමයි. මෙහි ඇති සුපිරි ඉන්ධන කාර්යක්ෂමතාව නිසා ආර්ථිකමය වශයෙන් වැඩි වාසියක් අපගේ ගොවිජනතාවට  පිරිනැමෙයි.  සින්ක් රොශටල් තාක්ෂණය සහිත Fully Constant Mesh ගියර් පද්ධතිය නිසා ඉන්ධන ඉතිරිය තවදුරටත් වැඩිකරයි. මෙම ට්‍රැක්ටර් රථය 50HP කාණ්ඩයට අයත් වන නිසා ඉතා අඩු කාලයක් තුළ වැඩි වැඩ ප්‍රමාණයක් ඉතා පහසුවෙන් සිදුකරගත හැකිය. එන්ජිමේ වියාවර්ථය (Engine Torque) 179 Nm  වැනි ඉතා ඉහළ අගයක පැවතීම නිසා වැඩි පරාසයක ඇමිණුම් උපකරණ ඉතා පහසුවෙන් ඉහළ ඉන්ධන ඉතිරියකින් යුතුව ගොඩ මඩ දෙකටම එකසේ භාවිතයට හැකියාව ඇත. ඊට අමතරව මෙහි 1700 kg පමණ එසවුම් ධාරිතාවක් ඇති නිසා වැඩි බරක් එසවීමට හැකිවීම සහ විවිධ වර්ගයේ අවශ්‍යතා සඳහා විවිධ වර්ගයේ ඇමිණුම් උපකරණ ඉතා පහසුවෙන් භාවිත කිරීමට හැකිවීමද මෙහි ඇති තවත් විශේෂ වාසියක් වේ. මෙම ට්‍රැක්ටර් රථයේ 45.5 HP වැනි ඉහළ Power එකක් සහිත PTO පද්ධතිය CRPTO තාක්ෂණයෙන් යුක්ත බැවින් වඩාත් වැඩි අගයක ඇමිණුම් උපකරණ ඉතා පහසුවෙන් වැඩි කාර්යක්ෂමතාවකින් හැසිරවීමට හැකිවීම තවත් සුවිශේෂ වාසියකි. මෙහි ඇති 9.5x 20 ඉදිරිපස සහ පිටුපස 14.9 x 28 ප්‍රමාණයේ මඩකට්ට සහිත විශාල ප්‍රමාණයේ ටයර් පද්ධතිය නිසා එරුම් සහිත මඩ කුඹුරක වුවත් ඉතා පහසුවෙන් ධාවනය කිරීමේ හැකියාව ඇති නිසා ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට මනාව ගැළපෙන හොඳම  ට්‍රැක්ටරය බවට මේ වනවිටත් ගොවිජනතාව අතර ජනප්‍රියත්වයට පත්ව ඇත. 

මේ පිළිබඳ අදහස් දක්වමින් DIMO ආයතනයේ කෘෂි යන්ත්‍රෝපකරණ අංශය භාරව කටයුතු කරන විධායක අධ්‍යක්ෂක රජීව් පණ්ඩිතගේ මහතා මෙසේ සඳහන් කළේය. “DIMO Agribusinesses සෑමවිටම නවීනතම තක්ෂණය සහ යන්ත්‍ර දේශීය වෙළෙඳපොළ වෙත හඳුන්වාදෙමින් දේශීය කෘෂියාන්ත්‍රීකරණය ඉහළ නැංවීමට කැපවී සිටිනවා. එමෙන්ම දේශීය ගොවි ප්‍රජාවගේ ජීවන තත්වය තවදුරටත් ඉහළ නංවමින් ඔවුන්ගේ සිහින සහ අභිලාෂ බලගැන්වීමට අපගේ දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳ අපි බෙහෙවින් සතුටු වෙනවා.”‍

DIMO මහ කන්නයේ  දියත් කරන ලද ‘මහට වහින වාසි වැස්ස‘ වැඩසටහන ඔස්සේ Mahindra ට්‍රැක්ටර් රථ මිලදී ගන්නා ගොවිජනතාව වෙත ලැප්ටොප් පරිගණක, ටැබ් යන්ත්‍ර, ඉලෙක්ට්‍රික් බයිසිකල්, මැලේසියානු විදෙස් සවාරියක් මෙන්ම මඩ වීල් වැනි ත්‍යාග අතරින් තමන් කැමැති ත්‍යාගයක් නොමිලේ ලබාගැනීමේ  අවස්ථාව ලබාදෙන ලදී. ගොවි ජනතාවගේ දෛනික ජීවිතය වඩාත් ඵලදායි සහ කාර්යක්ෂම කරගැනීමට නවීන තාක්ෂණය ඔවුන් වෙත සමීප කරවීම එහි පරමාර්ථය විය. මෙහිදී ගොවිජනතාව වැඩි වශයෙන් ඉලෙක්ට්‍රික් බයිසිකල් සිය තෝරාගැනීම  ලෙස ලබා ගෙන ඇති අතර  ඔවුන්ගේ දෙවන වැඩිම තෝරාගැනීම  ලෙස ලැප්ටොප් සහ ටැබ් යන්ත්‍ර වාර්තා වී ඇත. ගොවි ජනතාවගේ ජීවන තත්වය  ඉහළ නැංවීම සඳහා වූ DIMO හි උත්සාහයට හොද දායකත්වයක්  මෙම වැඩසටහන හරහා  ලැබී ඇත. ඒ අනුව  ත්‍යාග ලෙස ඉලෙක්ට්‍රික් බයිසිකල් දිවයින පුරාම විසිරී සිටින ගොවිජනතාව අතර බෙදී ගිය අතර ලැප්ටොප් පරිගණක සහ ටැබ් යන්ත්‍ර සඳහා වැඩි ඉල්ලු‍මක් හිමිවූයේ අනුරාධපුර, මඩකලපුව, අම්පාර සහ ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවලිනි. අනුරාධපුර සහ ත්‍රිකුණාමලය  ප්‍රදේශවල ගොවිජනතාව මඩ වීල් සහ ටැබ් යන්ත්‍ර ලබාගැනීම කෙරෙහි වැඩි අවධානයක් දක්වන ලදී.

ඉහළම තාක්ෂණික හැකියාව සහිත උසස් තත්වයේ යන්ත්‍රෝපකරණ මෙරටට හඳුන්වාදෙමින් DIMO, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් සැමවිටම සිය උපරිම සහයෝගය  ලබාදෙන අතර එම ප්‍රයත්න ඔස්සේ මෙරට ගොවි ප්‍රජාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමට ද සැමවිටම කැපවී සිටියි.



අදහස් (0)

DIMO බෙදාහරින මහින්ද්‍රා Yuvo Tech ට්‍රැක්ටරයට ගොවීන්ගේ ඉහළ ප්‍රතිචාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site