ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විකිරණවේදය පිළිබඳ දැනුම තවදුරත් වැඩි වර්ධනය කිරීමේ අරමුණින් DIMO හි සෞඛ්‍ය අංශය වන DIMO Healthcare රාජ්‍ය නොවන සංවිධානයක් වන Radiology Across Borders (RAB) සමග එක්වල RAB VITAL අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පිළිබඳ දැනුම බෙදාදීමේ වැඩසටහන් මාලාවක් මෙරට පළමුවරට සංවිධානය කළේය.
මෙම වැඩසටහනට ලංකාවේ 80කට වැඩි වෛද්‍යවරුන් සහ විකිරණවේදීන් පිරිසක් සහභාගී වූ අතර, මෙය යුද හමුදා රෝහල, Hemas රෝහල Durdans රෝහල සහ Lanka Hospitals යන රෝහල්වල දී පවත්වන ලදී. මෙම වැඩසටහනේ දී ප්‍රසව හා නාරිවේද සම්බන්ධ මූලික ස්කෑනිං ශිල්පීය ක්‍රමවල දැඩි සත්කාර ඒකකවලටම විශේෂිත වේගවත් ස්කෑන් කිරීමේ ශිල්පීය ක්‍රමවල සහ පාදයේ හෝ සැක සහිත ශිරා වල රුධිර ගමනාගමනය සම්බන්ධ ස්කෑනිං ක්‍රමවේද ආදී විෂයන් සම්බන්ධව වැඩිදුර දැනුම බෙදාදීම සිදුකරන ලදී.
RABනියෝජනය කරමින් ඕස්ට්‍රේලියානු අල්ට්‍රා සවුන්ඩ් තාක්ෂණවේදින්ගේ මගපෙන්වීම යටතේල සහභාගීවූන්ට ප්‍රායෝගික හා න්‍යාය දැනුම එකට එකතු කරමින් මෙම පුහුණු වැඩසටහන් පවත්වන ලදී. RAB හි VITAL වැඩසටහනල වෛද්‍යවරුන්ට අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් තුළින් රෝග ඉතා ඉක්මනින් හඳුනා ගනිමින් කඩිනම් ප්‍රතිකාර හරහා රෝගීන්ට ඉහළ සත්කාරයක් ලබාදීමට උපකාරී වන, පුහුණු වැඩසටහනක් ලෙස දැනටමත් ලෝකයේ විවිධ රටවල ක්‍රියාත්මක වේ.
DIMO Healthcare මෙහිදී රෝහල්වල සහ RAB විශේෂඥයන් සම්බන්ධීකරණය කරමින් සාර්ථකව වැඩසටහන් පැවැත්වීමට කටයුතු කරන ලදී.
මේ පිළිබඳ අදහස් පළ කරමින් DIMO Healthcare හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත දිසානායක මහතා මෙසේ පැවසීය. විකිරණවේද ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටින Siemens Healthineers හි ලාංකීය නියෝජිතයා ලෙස,DIMO Healthcare ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් ලාංකීය සෞඛ්‍ය අංශයත් අතර ඇති දැනුම් පරතරය පිරවීම අපගේ වගකීමක් ලෙස අප විශ්වාස කරනවාග මෙවන් පුහුණු වැඩසටහන් තුළින් අපට රටේ සෞඛ්‍ය ප්‍රමිති උසස් කිරීමටත්, වෛද්‍යවරුන්ට රෝග ඉක්මනින් හඳුනා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමටත් හැකි වෙනවා.”
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
581
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
DIMO Healthcare විකිරණවේදය දැනුම තවත් වර්ධනය කිරීමට RAB සමග එක්වේ