IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


DIMO වෙතින් ICC ප්‍රමිතින්ට අනුකූල LED floodlight පද්ධති අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණ දෙකකට

DIMO සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රමිතිවලට අනුකූල වූ LED floodlighting පද්ධති සවි කිරීම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණ දෙකක් වන රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සාර්ථකව අවසන් කර ඇත. මෙහිදී රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සවිකිරීමේ කටයුතු 2023 දී සිදුකළ අතර, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ නව floodlight පද්ධතිය 2025 දී සම්පූර්ණ කිරීමට DIMO ආයතනය සමත් විය.

DIMO සමාගම 1980 දශකයේ දී ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ floodlight පද්ධතිය සවි කිරීමත් සමග එම ක්‍රීඩාංගණය ලෝකයේ දෙවැනි floodlight පද්ධතියක් සහිත ක්‍රීඩාංගණය බවට පත් විය. 

ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩාංගණ LED ආලෝක පද්ධති වෙත යොමුවන අතර, ICC ආයතනය ද පැරණි ආලෝක පද්ධති වෙනුවට නවතම තාක්ෂණයෙන් යුත් LED floodlighting පද්ධති සඳහා අවධානය යොමුකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම නවතම ආලෝක පද්ධති ස්ථාපිත කිරීම හැඳින්විය හැකිය.

ICC නියමිත ප්‍රමිතීන්ට අනුකූලව ස්ථාපිත කර ඇති මෙම LED ආලෝක පද්ධති, දිවා රාත්‍රී තරග සහ රූපවාහිනී විකාශන සඳහා අවශ්‍ය ආලෝකන හැකියාව සහතික කරයි. ඒ මගින් 4K සහ 8K විකාශන සඳහා සුදුසුම තත්වය සපයන අතර, ක්‍රීඩාංගණයේ සිටින මෙන්ම රුපවාහිනී තුළින් නරඹන ප්‍රේක්ෂකයන්ට නව්‍ය වූ අත්දැකීමක් ලබා දේ. Slow-motion replays සහ Decision Review System (DRS), වැනි අතිරේක තාක්ෂණික පහසුකම් ද වර්ධනය කරමින් හොඳ ආලෝකකරණයකින් ක්‍රීඩක ආරක්ෂාව ද තහවුරු කරයි.

LED floodlighting පද්ධති, සම්ප්‍රදායික පද්ධති සමග සංසන්දනය කළ විට, අඩු විදුලි පරිභෝජනය, දිගු ආයු කාලය, අඩු උෂ්ණත්වය සහ නඩත්තු වියදම් අඩුවීම වැනි විශේෂාංග සඳහන් කළ හැක. එසේම මෙහිදී පරිසරයට හානි කරන ද්‍රව්‍ය නොමැති බැවින්, තවදුරටත් පරිසර හිතකාමී විසඳුමක් ලෙස සැලකේ.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ නව floodlighting පද්ධතිය සවි කිරීමේදී 660 LED floodlight එකතුවක් ප්‍රධාන ක්‍රීඩා භූමිය සඳහා සහ 72ක් පුහුණු කටයුතු සඳහා ද සවි කරන ලදී. දඹුල්ල ක්‍රීඩාංගණ ව්‍යාපෘතියේදී කේබල් එළීම මීටර 1100ක කලාපයක් ආවරණය කරමින් ක්‍රීඩාංගණය වටා සිදු වූ අතර මීටර 52800ක කේබල් එළීමක් කුලු‍නු සඳහා සිදු කරන ලදී. 

 



අදහස් (0)

DIMO වෙතින් ICC ප්‍රමිතින්ට අනුකූල LED floodlight පද්ධති අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණ දෙකකට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32984 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15623 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10044 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 141 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 201 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 507 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site