IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


DIMO චීනයේදී සම්මාන ද්විත්වයක් දිනාගනී


LOVOL හාවස්ටර් සඳහා ලංකාවේ බලයලත් එකම බෙදාහරින්නා වන DIMO හි දිගුකාලීන හවුල්කාරිත්වය සහ කැපවීම වෙනුවෙන් මෙන්ම, කලාපය තුළ LOVOL සන්නාමය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ නව්‍ය අලෙවිකරණය වෙනුවෙන් සම්මාන ද්විත්වයක් හිමි කරගැනීමට DIMO ආයතනය පසුගියදා චීනයේ LOVOL මධ්‍යස්ථානයේදී පැවැත්වුණු 2025 WEICHAI LOVOL GLOBAL PARTNERS CONFERENCE හිදී සමත් විය.

මෙහිදී Loyal Partner සහ Outstanding Marketing Activity Planning Award යන සම්මාන LOVOL ආයතනය DIMO වෙත ප්‍රදානය කරන ලදී. මෙම සමුළුව සඳහා රටවල් 70කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් 400කට වැඩි පිරිසක් සහභාගී වී සිටියහ.

මෙම සම්මාන ද්විත්වය මෙරට කෘෂිකර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් DIMO සිදුකරන මෙහෙය මනාව පෙන්නුම් කරන්නකි.

DIMO නියෝජනය කරමින් මෙම සුවිශේෂී අවස්ථාව සඳහා DIMO හි කෘෂි යන්ත්‍රෝපකරණ අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අමිල ද සිල්වා මහතා සහ සහකාර අලෙවි කළමනාකරු මලිත් රුද්‍රිගු යන මහත්වරු සහභාගි වූහ.

මේ පිළිබඳ අදහස් දක්වමින් DIMO ආයතනයේ කෘෂි යන්ත්‍රෝපකරණ අංශය භාරව කටයුතු කරන විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා මෙසේ සඳහන් කළේය. ”‍මෙරට කෘෂිකර්මාන්තයේ දියුණුව වෙනුවෙන් අප ගනු ලැබූ උත්සහය අගයමින් ජාත්‍යන්තර තලයේ මෙවැනි සම්මාන දිනාගැනීමට ලැබීම පිළිබඳව අපි නිහතමානීව සතුටු වෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතාවට ගැළපෙන පරිදි ජාත්‍යන්තර මට්ටමේ උසස් කෘෂි යන්ත්‍රෝපකරණ ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. එමෙන්ම ගොවි ජනතාවට ගුණාත්මක සේවයක් පිරිනැමීමට මෙන්ම ඒ ඔස්සේ තවදුරටත් ඔවුන්ගේ සිහින සහ අභිලාෂ බලගැන්වීමට අපි බලාපොරොත්තු වෙනවා.”‍

මූලිකවම LOVOL හාවස්ටර් සඳහා ඉහළ කාර්මික ශිල්පීන් සහ සේවා නියෝජිතයන් හරහා දිවයිනම ආවරණය වන පරිදි අලෙවියෙන් පසු අසමසම සේවාවක් සැපයීමට DIMO නිරන්තරයෙන් කටයුතු කර ඇති අතර සේවා කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් අඛණ්ඩව සැපයීමට ද කටයුතු කරන ලදී.

DIMO පෞද්ගලිකව ගොවීන් සමීපයට ගොස් LOVOL හාවස්ටර් යන්ත්‍ර සඳහා නොමිලේ පරීක්ෂාවන් සිදුකරමින් උපදෙස් ලබාදෙමින් නිරතුරුවම ගොවින් සමඟම සිටිමින් ඔවුන්ට මහත් අත්වැලක් විය. ඒ ඔස්සේ අස්වැන්න නෙළන කාලය ආසන්න වන විට සිය යන්ත්‍රෝපකරණවල උපරිම ක්‍රියාකාරිත්වය තහවුරු කර ගැනීමේ අවස්ථාව DIMO ගොවි ප්‍රජාව වෙත පිරිනමා තිබේ. 

 



අදහස් (0)

DIMO චීනයේදී සම්මාන ද්විත්වයක් දිනාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 583 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1013 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site