IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


DFCCබැංකුවේ විශ්වසනීය Data Center සැපයුම්කරු OrionStellar

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වනDFCC  බැංකුව ඩිජිටල්කරණයේ නව අදියරක් වෙත පියනගමින්, තම විශ්වසනීයData Center  සැපයුම්කරු ලෙස OrionStellar ආයතනය තෝරාගෙන තිබේ.

මෙම ව්‍යාපාරික සබැඳියාව හරහා OrionStellarතම තාක්ෂණ විශ්වසනීයත්වයේ  තත්ව සහතික හා ආරක්ෂණ ක්‍රමවේද උපයෝගී කොට  DFCC  බැංකුවට මූල්‍ය ක්ෂේත්‍රයේ උසස් නියාමන ප්‍රමිතීන්ට අනුකූලව ගනුදෙනුකරුවන්ට ආරක්ෂිත ඩිජිටල්  බැංකුකරණ පහසුකම් සැපයීමට සහාය වනු ඇත.

තිරසාරභාවය හා ඩිජිටල් පරිවර්තනය පිළිබඳ DFCC  බැංකුවේ අඛණ්ඩ නව්‍යත්වය මේ සබැඳියාවෙන් සනිටුහන් වන අතර, OrionStellar Data Center  හි ඉහළ විදුලි කාර්යක්ෂමතාව බැංකුවේ දීර්ඝ කාලීන පරිසර හිතකාමී සහ පාරිසරික වගකීම් සුරැකීමේ ක්‍රියාදාමයට ද මැනවින් අනුකූල වේ.

ආයතනයක් තුළData Center එකක් පවත්වාගෙන යාම  විශේෂ පිරිවැයක් සහ මෙහෙයුම් සංකීර්ණතා දරමින් කළමනාකරණය කළ යුතු ක්‍රියාවලියකි. OrionStellar  Data Center  සමඟ ඇති කරගත් ව්‍යාපාරික සබඳතාව හරහා DFCC  බැංකුවට මෙවැනි සංකීර්ණතා රහිතවම, අඛණ්ඩව පැය 24 පුරා තාක්ෂණ සහයෝගය සැපයෙන, සම්පූර්ණයෙන්ම කළමනාකරණය වන ගෝලීය මට්ටමෙ Data Center පහසුකම් හිමිවන අතර අභියෝගයකින් තොර විශිෂ්ට බැංකු සේවාවක් සැපයීමට අනුබල ලැබේ. OrionStellar  Data Center  කොළඹ නගර සීමාව තුළ පිහිටා තිබීම, ළඟාවීමේ පහසුව හා එහි අඛණ්ඩ සේවා විශ්වාසනීයත්වයට තවත් පිටුවහලක් වේ.

මේ  පිළිබඳව අදහස් දක්වමින්DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ප්‍රධාන තොරතුරු නිලධාරී වින්ද්‍ය සෝලංගආරච්චි මහතා මෙසේ පැවසුවේය. DFCC  බැංකුව ශ්‍රී ලංකාවේ උසස්ම පාරිභෝගික කේන්ද්‍රගත බැංකුව ලෙස තම ස්ථාවරත්වය සවිමත් කරන අතරම ආරක්‍ෂාව, කාර්යක්ෂමතාව සහ තිරසාරභාවය ඉහළ නංවන නව්‍යකරණයට හැමවිටම ප්‍රමුඛත්වය දෙනවා. එබැවින්, OrionStellar වෙතින් සුරක්ෂිත, තිරසාරසම්පන්න කාර්යක්ෂම සහ සේවය කේන්ද්‍ර කොටගත් පූර්ණ සහාය  DFCC   බැංකුවේ විශිෂ්ට ඩිජිටල් බැංකුකරණය  පාරිභෝගිකයන්ට සැපයීමේ මෙහෙයට ලැබෙනවා. 

OrionStellar සමග ඇති කරගත් මේ සහයෝගීතාව DFCC බැංකුවේ ඩිජිටල් පරිණාමයේ තවත් පියවරක්   සටහන් කරන අතරම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල ව්‍යුහයේ ප්‍රගමනයේද ලකුණක් වේ. Orion City IT Park  දැක්මෙහි දිගුවක් වන OrionStellar  ආයතනය, නවීනData Center සේවා සැපයීමේ විශිෂ්ට හා නව්‍ය ශ්‍රී ලාංකේය පෙරගමන්කරුවකු ලෙසDFCC  බැංකුව වැනි ව්‍යාපාර සහ සේවාදායකයන්ට අඛණ්ඩ, මිත්‍රශීලී සහාය ලබාදෙයි. 



අදහස් (0)

DFCCබැංකුවේ විශ්වසනීය Data Center සැපයුම්කරු OrionStellar

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site