IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


DFCC හරිත බැඳුම්කර ලක්සම්බර්ග්හි ලැයිස්තුගත කෙරේ

භානුක අමරසිංහ


DFCC බැංකුව සිය ඓතිහාසික හරිත බැඳුම්කර ලක්සම්බර්ග් කොටස් හුවමාරුවේ (Luxembourg Stock Exchange - LuxSE)  ලැයිස්තුගත කිරීමටත්, ලක්සම්බර්ග් හරිත හුවමාරුවේ (Luxembourg Green Exchange - LGX)  ප්‍රදර්ශනය කිරීමටත් හැකි වූ බව එම බැංකුව පවසයි. 
2024 සැප්තැම්බර් මාසයේදී මුල්ම වරට නිකුත් කර කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කරන ලද මෙම බැඳුම්කර, ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත බැඳුම්කර ලෙසද සැලකේ. එසේම ශ්‍රී ලාංකික සමාගමක් විසින් ණය සුරැකුම්පත් ජාත්‍යන්තර වශයෙන් ලැයිස්තුගත කළ ප්‍රථම අවස්ථාව එයයි.
මීට පෙර 1998 වසරේදී DFCC බැංකුව විසින් ප්‍රථම වරට සිය දස වාර්ෂික ‘Floating Rate Note’  ලක්සම්බර්ග් කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කරන තිබේ. ඒ අනුව මෙය ලක්සම්බර්ග් කොටස් හුවමාරුව සමග එම බැංකුව පවත්වාගෙන යන දීර්ඝකාලීන සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරන පියවරක් බවත් බැංකුව පවසයි. 
රු. බිලියන 2.5 ක් (ආසන්න වශයෙන් යූරෝ මිලියන 8 ක්) රැස්කළ DFCC  බැංකුවේ හරිත බැඳුම්කර, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය සඳහාම වෙන්වුණු ප්‍රථම ප්‍රාග්ධන වෙෙළඳපොළ ණය උපකරණය ලෙස සැලකේ. 
එහි මූලික ඉලක්කය වන්නේ, 2030 වසර වන විට රටේ සමස්ත බලශක්ති ජනනයෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තිය තුළින් සපුරා ගැනීමේ ඉලක්කය ළඟා කරගැනීමට අත්වැලක් වීම සඳහා සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට අරමුදල් සැපයීමය. 



අදහස් (0)

DFCC හරිත බැඳුම්කර ලක්සම්බර්ග්හි ලැයිස්තුගත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site