IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


DFCC බැංකුවෙන් “බඩු මල්ලක්” විදේශ මුදල් ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහනක්

DFCC බැංකුවේ 70 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන්, Lanka Money Transfer (LMT) හරහා විදේශ මුදල් ප්‍රේෂණ ලබන ගනුදෙනුකරුවන් වෙත සුවිශේෂී ත්‍යාග පිරිනමනිබඩු මල්ලක්’ මුදල් ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහන දියත් කර තිබේ. මෙම වැඩසටහන, විදේශගතව සේවය කරන ලාංකිකයන්, මෙරට ආර්ථික ස්ථාවරත්වයට දක්වන සුවිශේෂී දායකත්වය අගය කිරීම අරමුණු කරගනිමින් දියත් කරනලද ප්‍රවර්ධන වැඩසටහනකි.
2025 ජූලි මස 15 වැනි දින සිට ඔක්තෝබර් මස 31 වැනි දින දක්වා ක්‍රියාත්මක වන මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ, සෑම මසකම DFCC බැංකුවේ ගිණුම් හිමියන් 70 දෙනකුට රුපියල් 10,000ක් වටිනා සුපිරි වෙළෙඳසල් වවුචර් පිරිනැමේ. මෙම ජයග්‍රාහකයන්, ප්‍රවර්ධන කාලසීමාව තුළ සෑම මසකම DFCC බැංකු ගිණුම් වෙත LMT හරහා ලැබෙන පළමු විදේශ ප්‍රේෂණ 70 පදනම් කරගෙන ස්වයංක්‍රීයව තෝරා ගනු ඇත. ජයග්‍රාහකයන් සඳහා හිමිවන මෙම වවුචර් ලංකාව පුරා පිහිටි ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැලක් හරහා මිලදී ගැනීම් සඳහා භාවිත කළ හැකිය.
DFCC බැංකුවේ ගිණුම්වලට මුදල් ප්‍රේෂණ එවන ගනුදෙනුකරුවන්ට මෙම වැඩසටහනට සහභාගී වීම අතිශය සරල වන අතර, ඒ සඳහා විශේෂ අයදුම්පත් හෝ ලේඛන අවශ්‍ය නොවේ. ගනුදෙනුකරුවන් DFCC බැංකු ගිණුමකට LMT හරහා මුදල් එවීමෙන් මේ සඳහා ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි. සිදුකරන ගනුදෙනු සංඛ්‍යාව නොසලකා, සිව් මසක ප්‍රවර්ධන කාලය තුළ එක් පාරිභෝගිකයකුට එක් වරක් පමණක් ජයග්‍රහණය කිරීමට අවස්ථාව හිමි වේ. මෙහිදී විශේෂත්වය වන්නේ මුදල් ප්‍රේෂණ තමන්ගේම ගිණුමකට පමණක් නොව තම සමීපතමයන්ගේ බැංකු ගිණුමකට එවීම මගින්ද මේ සඳහා සුදුසුකම් ලැබීමයි.
මෙම ප්‍රවර්ධන වැඩසටහන, දිගුකාලීන සබඳතා ගොඩනැගීම සහ සර්ව සම්පූර්ණ මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා DFCC බැංකුවේ පුළුල් කැපවීමේ ප්‍රතිඵලයකි. විදේශ මුදල් ප්‍රේෂණවල ආර්ථික වැදගත්කම පිළිබඳ අවධානය යොමුකිරීම හරහා මෙරට පවුල්වල අභිවෘද්දිය උදෙසා නිරතුරුවම කැපවෙන විශ්වාසනීය සහකරුවකු ලෙස DFCC බැංකුව සිය කාර්යභාරය තවදුරටත් තහවුරු කරයි.



අදහස් (0)

DFCC බැංකුවෙන් “බඩු මල්ලක්” විදේශ මුදල් ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1880 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1511 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site