
භානුක අමරසිංහ
DFCC බැංකුව විසින් ශ්‍රී ලංකාවේ පළමුවරට නිකුත් කළ නීල බැඳුම්කරය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීම පසුගියදා සිදු විය. මෙය සංකේතවත් කරමින් DFCC බැංකුවේ සභාපති ජේ. දුරෙයිරත්නම් මහතා විසින් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භ කරන සීනුව නාද කිරීමක්ද සිදු කළේය.
මෙම අවස්ථාව සඳහා DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමාල් පෙරේරා ඇතුළු බැංකුවෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වී සිටියහ.
DFCC බැංකුවේ මෙම නීල බැඳුම්කරය රුපියල් බිලියන 3ක් වටිනාකමක් සහිතය. එය ජ්‍යෙෂ්ඨ, වර්ගකෙරුණු, සුරක්ෂිතනොවූ, පිරිමුදවාගත හැකි තිරසාර බැඳුම්කරයක් ලෙස නිකුත් කෙරිණු අතර ඊට අධිදායකත්වයක් හිමිවිය. මෙම නීල බැඳුම්කරය හරහා රැස් කරගන්නා මුදල් සාගරය මූලික කරගත් තිරසාර මූල්‍ය සේවා සැපයුම් වෙනුවෙන් යොදා ගැනීම බැංකුවේ අරමුණ වී තිබේ.
2025 නොවැම්බර් මස 21
184
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
251
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1132
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
DFCC බැංකුවේ නීල බැඳුම්කරය CSE හි ලැයිස්තුගත කරයි