IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


DFCC බැංකුව ‘DFCC රටවිරු’ ගිණුම හඳුන්වා දෙයි

DFCC බැංකුව විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ‘DFCC රටවිරු’ නමින් විශේෂ ගිණුමක් හඳුන්වා දී තිබේ. විදේශ මුදල් ප්‍රේෂණ ඉලක්ක කරගත් ඉතුරුම් ගිණුමක් වන මෙහි මූලික අරමුණ වන්නේ විදේශ රැකියා නියුක්තිකයන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වලටද අත්වැලක් වීමය. සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන, පහසුවෙන් භාවිත කළ හැකි බැංකු සේවා හඳුන්වා දීම සඳහා DFCC බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත් ප්‍රතිඵලයක් වශයෙන් මෙම ගිණුම හඳුන්වා දෙන ලදි. 
‘DFCC රටවිරු’ ගිණුම් හිමියන්ට වාර්ෂිකව සියයට 5 ක තරගකාරී පොලී අනුපාතයක් මෙන්ම, විදේශ රැකියා නියුක්තිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති තවත් ප්‍රතිලාභ රාශියක්ද හිමි වේ. මෙම ප්‍රතිලාභ අතරට නොමිලේ හිමි වන ඩෙබිට් කාඩ්පතක්, ණය හා වෙනත් තෝරාගත් බැංකු සේවා සඳහා විශේෂ පොලී අනුපාත සහ ප්‍රමුඛතා බැංකු සේවා සහය ඇතුළු ප්‍රතිලාභ රැසක් ඇතුළත්ය. එමෙන්ම ගිණුම් හිමියන්ගේ පවුල්වල සාමාජිකයන් (ශ්‍රී ලංකාවේ වෙසෙන) වෙනුවෙන් සුවිශේෂ සහන පැකේජයක් යටතේ හිමි වන රෝහල්ගත කිරීම් රක්ෂණාවරණයක්ද මීට ඇතුළත් කර තිබේ. 
“DFCC රටවිරු ගිණුම යනු එතෙර සිට මෙතෙරට මුදල් එවමින් තම ආදරණීයයන්ට අත්වැලක් වන අතරම රටේ ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලබා දෙන විදේශ රැකියා නියුක්තිකයන්ගේ මෙහෙවර ඇගයීම සඳහා හඳුන්වා දුන් සුවිශේෂ ගිණුමක්. එය හුදෙක් ඉතිරි කිරීමෙන් ඔබ්බට ගිය, මූල්‍ය යහපැවැත්ම, සරලත්වය සහ සහයෝගය මූලික කරගත් ගිණුමක් ලෙස හැඳින්විය හැකියි. අනවශ්‍ය සංකීර්ණතා ඉවත් කරමින්, ගිණුම් හිමියන්ට තම ගිණුම්වලට පහසුවෙන් පිවිසෙමින් තම මුදල් හොඳින් කළමනාකරණය කරගැනීමටත්, අර්ථවත් ලෙස භාවිත කිරීමටත් මෙමගින් අවස්ථාව සැලසෙනවා. මෙය හුදෙක් බැංකු සේවාවක් පමණක් නොවෙයි. මෙය අපගේ ගිණුම් හිමියන් ලොව කොහේ සිටියත් ඔවුන්ට අත්වැලක් වීම සඳහා අප ලබා දී ඇති ප්‍රතිඥාවේ ප්‍රතිඵලයක්.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (ජාත්‍යන්තර බැංකු සේවා, ප්‍රේෂණ සහ ව්‍යාපාර සංවර්ධන) ඇන්ටන් ආරුමුගම් මහතා  පැවසීය. 
‘DFCC රටවිරු’ ගිණුම් හිමියන්ට DFCC Online සහ DFCC ONE වැනි ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිට සුරක්ෂිත ලෙස තම ගිණුමට පිවිසී ගිණුමකින් ගිණුමකට මුදල් මාරු කිරීම, බිල්පත් ගෙවීම සහ තම මූල්‍ය කටයුතු කළමනාකරණය කිරීම කළ හැකි වේ. ඉතාමත් පහසු ක්‍රියාවලියක් ඔස්සේ ‘DFCC රටවිරු’ ගිණුමක් විවෘත කළ හැකි අතර, විදෙස්ගතව සිටින ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සහය කඩිනමින් ලබාදීම සඳහා DFCC බැංකුවේ පාරිභෝගික සේවාව සූදානමින් සිටී.



අදහස් (0)

DFCC බැංකුව ‘DFCC රටවිරු’ ගිණුම හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site