IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


DFCC බැංකුව ජපානයේදී නව විදේශ මුදල් ප්‍රේෂණ හවුල්කාරීත්වයක

ගෝලීය ව්‍යාප්තියේ නව පරිච්ඡේදයක් සනිටුහන් කිරීමක්


විදේශගත ලාංකිකයන් සඳහා වඩාත් ශක්තිමත් මූල්‍ය සබඳතා ගොඩනැගීමේ අරමුණින්, DFCC  බැංකුව ජපානයේ Ceylon Remittances සමග නව විදේශ මුදල් ප්‍රේෂණ සේවා හවුල්කාරීත්වයකට එළඹී ඇත.
මෙම සේවාවේ සමාරම්භක අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ, ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති ජගත් රාමණායක මහත්වරු සහ ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික නායකයෝ සහභාගී වූහ. ඒ සඳහා DFCC බැංකුව නියෝජනය කරමින්, DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ විදේශීය බැංකුකරණ සේවා හා මුදල් ප්‍රේෂණ ව්‍යාපාර සංවර්ධන අංශ ප්‍රධානී ඇන්ටන් අරුමුගම් භාණ්ඩාගාර, සේවා ආයෝජන සහ ඒ ආශ්‍රිත බැංකුකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති ප්‍රින්ස් පෙරේරා යන මහත්වරුද මෙම අවස්ථාවට එක් වූහ.
DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ විදේශීය බැංකුකරණ සේවා හා මුදල් ප්‍රේෂණ ව්‍යාපාර සංවර්ධන අංශ ප්‍රධානී ඇන්ටන් අරුමුගම් මහතා හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය. “විදේශ මුදල් ප්‍රේෂණ යනු මුදල් හුවමාරුවකට එහා ගිය දෙයක්. ඒවා විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන්ගේ පවුල් නඩත්තු කරන අතරම මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමටද දායක වෙනවා. 
මෙම වැඩසටහනDFCC බැංකුවේ ගෝලීය මුදල් ල්‍රේෂණ ජාලය පුළුල් කරන අතර, ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වයට හා වර්ධනයට දායක වන ආරක්ෂිත මුදල් ප්‍රවාහයන්ට පහසුකම් සැලසීමට DFCC දක්වන කැපවීම මනාව පෙන්නුම් කරයි.



අදහස් (0)

DFCC බැංකුව ජපානයේදී නව විදේශ මුදල් ප්‍රේෂණ හවුල්කාරීත්වයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site