IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


DBL වෙතින් මාතර මහ රෝහලට වාට්ටුවක්

DBL සමාගම විසින් එහි ප්‍රධාන විධායක නිලධාරී දේශමාන්‍ය ආචාර්ය නජීබ් ඩීන් මහතාගේ ව්‍යාපාරික දිවියට වසර පනහක් පිරීම නිමිත්තෙන් මාතර මහ රෝහලේ ඉල්ලීම මත ඉඩ කඩ සීමිතව තිබූ කාන්තා වාට්ටුවට නව කොටසක් එක් කර රෝගීන් පහළොස් දෙනකු සඳහා නව වාට්ටුවක් ඉදිකර පරිත්‍යාග කරන ලදී. ලක්ෂ 60ක වියදමක් දරා ඉදි කළ එම නව වාට්ටුව නජීබ් ඩීන් මහතාගේ ජන්ම දිනය යෙදී තිබුණු සැප්තැම්බර් 30 වැනිදා විවෘත කරන ලදී.

එම වාට්ටුවේ රෝගීන්ගේ භාවිතයට කබඩ්, කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි සහ තොරතුරු ඇතුළත් කිරීමේ ලිපි ගොනු පිරිනැමීමටද DBL සමාගම කටයුතු කළේය. මින් පෙරද DBL සමාගම මාතර මහ රෝහලට ගුවන් පාලම් දෙකක්, සීසීටීවී කැමරා පද්ධතියක්, කොවිඩ් රෝගීන් වෙන් කර තැබීමට කාමර, හෙද විවේකාගාර, වාට්ටු අංක පුවරු, සායනවලට අවශ්‍ය ආලෝක පුවරු සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාග කර ඇත. නව වාට්ටුව විවෘත කිරීමේ අවස්ථාවට රෝහලේ හිටපු අධ්‍යක්ෂවරයා, නව අධ්‍යක්ෂවරිය, නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය, විශේෂඥ වෛද්‍යවරු, රෝහල් කාර්ය මණ්ඩලය, DBL සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා, සාමාන්‍යධිකාරිවරයා ඇතුළු කළමනාකාරිත්වය සහභාගී වූහ.



අදහස් (0)

DBL වෙතින් මාතර මහ රෝහලට වාට්ටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 121 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 361 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site