මෙරට ආහාර පාන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන D & R Exports පෞද්ගලික සමාගමේ සභාපතිනි මානෙල් ගර්ට්රූඞ් රාජ්කුමාර් මහත්මිය Women Legend Awards 2025 සම්මාන උළෙලේ මහා පරිමාණ ඛාණ්ඩයේ Legendary Woman of the Year සම්මානය දිනා ගත්තාය.
රාජ්කුමාර් මහතාගේ නායකත්වයෙන් 1993දී අරලිය Impex නමින් ඇරැඹූ මෙම සමාගම වසර හතක් වැනි කෙටි කාලයකදී එනම් 2000 වසර වන විට දේශීය වෙළෙඳපොළේ හිණිපෙත්තටම ළඟා විය. 1998දී අරඹා 2002දී ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවේශ වූ Araliya Exporter සමාගම එතැන් සිට මේ දක්වා ආසියානු, යුරෝපීය සහ මැද පෙරදිග රටවල් රැසකට සිය නිෂ්පාදන අපනයනය කරයි.
ටින් මාළු, කරවල, හකුරු, රස කැවිලි, කේක් අමුද්‍රව්‍ය, සහල්, කුළුබඩු, ඇසුරුම් කළ වෑන්ජන, ධාන්‍ය, හරිත තේ, අච්චාරු, සෝස්, කෝඩියල්, සම්බෝල, චට්නි සහ Pastes D & R Exports සමාගමේ නිෂ්පාදන අතර ප්‍රධාන වේ. සෑම නිෂ්පාදනයක්ම දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව ගුණාත්මකභාවය සහ සෞඛ්‍යාරක්ෂිතභාවය තහවුරු වන ලෙස නිපදවයි. දේශීය සහ විදේශීය වෙළෙඳපොළට නිකුත් කරන නිෂ්පාදන සියල්ලම සමාගමට අයත් කර්මාන්තශාලාව තුළම නිෂ්පාදනය කරන අතර ඒ සඳහා දේශීයව සහ විදේශීයව සපයා ගන්නා උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය යොදා ගනී. D & R Exports ප්‍රධාන කාර්යාලය අංක 50, සේදවත්ත පාර, වැල්ලම්පිටිය ලිපිනයේ පිහිටා තිබේ. පසුගිය දශක තුනකට ආසන්න කාලය තුළ එම සමාගම දෙස් විදෙස් සම්මාන, ඇගැයීම් සහ තත්ත්ව සහතික රැසක් දිනා ඇත. “අප සෑම විටම ගුණාත්මකභාවය, සෞඛ්‍යාරක්ෂිතභාවය සහ පාරිභෝගික තෘප්තිය ඉහළින්ම සලකනවා. ඒ නිසයි අපගේ ව්‍යාපාරයට මේ තරම් දුර එන්න පුළුවන් වුණේ. මට ලැබුණු මේ සම්මානය අපගේ පාරිභෝගික භවතුන්ට වාගේම කැප වීමෙන් සේවය කරන කාර්ය මණ්ඩලයටත් අයිතියි. මම ඔවුන් සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.” රාජ්කුමාර් මහත්මිය පැවැසුවාය.
2025 නොවැම්බර් මස 21
162
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
233
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1103
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
D & R Export සභාපතිනියට Women Legend සම්මානය