IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


Canon - Metropolitan ව්‍යාපාරික හවුල්කරුවන්ගේ සම්මාන රාත්‍රිය මෙවරත් උත්කර්ෂවත්ව කොළඹදී


වසර 51කට වැඩි කාලයක් පුරා Canon නිෂ්පාදන සඳහා මෙරට එකම බලය ලත් බෙදා හරින්නා වන Metropolitan Technologies පෞද්ගලික සමාගම සංවිධානය කළ Canon Metropolitan හවුල්කාරිත්ව සම්මාන රාත්‍රිය 2024/25 පසු ගිය දා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. දශක ගණනාවක් පුරා මෙරට මුද්‍රණ යන්ත්‍ර සහ ඒ ආශ්‍රිත උපාංග අලෙවි ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන Metropolitan සහ Canon සන්නාම අතර පවතින ශක්තිමත් හවුල්කාරිත්වය ඒ තුළින් වඩාත් තහවුරු විය. 

Canon Singaporeපෞද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු උමෙටෝ හිරෝකි සහ Metropolitan Technologies සමාගමේ නියෝජ්‍ය සභාපති අයිවර් මහරුෆ් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු එම සම්මාන රාත්‍රියට Metropolitan Technologies සමාගමේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී අලි අස්ගර් රොෂනාලි මහතා ඇතුළු තවත් ආරාධිතයෝ රැසක් සහභාගී වූහ.

සම්මාන රාත්‍රිය අතරතුර අදහස් දක්වමින් උමෙටෝ හිරෝකි මහතා පැවැසුවේ, Metropolitan සමාගම හරහා පසු ගිය වසරේ මෙරට මුද්‍රණ යන්ත්‍ර සහ ඒ ආශ්‍රිත උපාංග වෙළෙඳපොළේ සියයට 61ක් වැනි දැවැන්ත කොටසක් අත් පත් කර ගැනීමට Canon සන්නාමයට හැකි වූ බවයි. Canon සහ Metropolitan සන්නාම සතු පාරිභෝගික විශ්වාසය, ශක්තිමත් වෙළෙඳපොළ හිමිකාරිත්වය සහ අලෙවි නියෝජිත ජාලය ඊට ප්‍රධාන වශයෙන් හේතු වූ බව ඔහු සඳහන් කළේය. Canon සන්නාමය ගෝලීය වශයෙන් සහතික කර ඇති කාර්යසාධනය, නව්‍යකරණය සහ පාරිභෝගික තෘප්තිය පිළිබඳ ප්‍රමිති තව දුරටත් ඔසවා තැබීම සඳහා Metropolitan සමාගම සතු කැප වීම ඔහුගේ පැසසුමට ලක් විය.

අලෙවි නියෝජිතයන් පෙන්නුම් කළ විකුණුම් වර්ධනය, සේවා විශිෂ්ටත්වය සහ සන්නාමය වෙනුවෙන් ඇති කැප වීම අගයමින් සම්මාන 27ක් පිරිනමන ලදී. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ අනෙකුත් ව්‍යාපාර ආයතන වෙනුවෙන්ම හඳුන්වා දෙන ඉහළ ක්‍රියාකාරිත්වයකින් යුතු 4-in-1 MegaTank මාදිලියේ මුද්‍රණ යන්ත්‍රයක් වන Canon MAXIFY GX7070 එළි දැක්වීමද එහිදී සිදු විය. Pigment-based ink තාක්ෂණය සමඟ එන එම මුද්‍රණ යන්ත්‍රයෙන් කාර්යක්ෂමව සහ සුපැහැදිලි මුද්‍රිත පිටපත් ගත හැකිය. ව්‍යාපාර ලේඛන සහ වෙනත් වෘත්තීය මට්ටමේ ලේඛන මුද්‍රණය කිරීමට එය වඩාත් සුදුසු වේ.



අදහස් (0)

Canon - Metropolitan ව්‍යාපාරික හවුල්කරුවන්ගේ සම්මාන රාත්‍රිය මෙවරත් උත්කර්ෂවත්ව කොළඹදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 194 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site