IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


Canon Image Square කොළඹ ලිබර්ටි ප්ලාසාහි දී විවෘත වේ

Canon Image Square සමාගමේ ශ්‍රී ලංකාවේ බලය ලත් එකම අලෙවි නියෝජිත ආයතනය වන Metropolitan ආයතනය ආරම්භ කළ නවතම මාදිලියේ Canon Image Squareප්‍රදර්ශනාගාරය පසුගියදා කොල්ලු‍පිටිය ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේදී අභිමානවත් ලෙස විවෘත කරන ලදී. Canonසමාගමේ සුවිශේෂ සන්ධිස්ථානයක් වන මෙයට සමගාමීව Canon - Metropolitan හවුල්කාරීත්වයට වසර 50ක් සම්පූර්ණ වේ.

එම සමාගම් දෙක පසුගිය වසර 50ක කාලය පුරා නව්‍ය, ගුණාත්මක සහ විශිෂ්ට Canonනිෂ්පාදන රැසක් ශ්‍රී ලාංකික වෙළෙඳපොළට නිකුත් කර ඇත. Canon Image Square ප්‍රදර්ශනාගාරය සඳුදා සිට සෙනසුරාදා දක්වා විවෘතව ඇති අතර එහි පැමිණෙන පාරිභෝගිකයන්ට Canonසමාගමේ නවතම තාක්ෂණයෙන් යුතු නිෂ්පාදන අත් හදා බැලීමට සහ අත් විඳීමට අවස්ථාව ලැබේ.

Canon Image Square ප්‍රදර්ශනාගාරය සියලු‍ වර්ගයේ Canonකැමරා, ඛැබි සහ අනෙකුත් සියලු‍ උපාංගවලින් සමන්විත වන අතර ඒවා සම්බන්ධයෙන් සියලු‍ තොරතුරු ලබා දෙමින් පාරිභෝගිකයන්ට සහාය වීමට වෘත්තීය දැනුමෙන් සපිරි කාර්ය මණ්ඩලයක්ද එහි සිටී. මෙම ප්‍රදර්ශනාගාරය කේන්ද්‍ර කර ගෙන ඡායාරූපකරණ, සිනමාකරණ සහ Vloggingවැනි ක්ෂේත්‍රවල වෘත්තිකයන්ට අලු‍ත් දෑ ඉගැනීමට, දැනුම හුවමාරු කර ගැනීමට සහ කුසලතා වැඩි දියුණු කර ගැනීමට උපකාර වන වැඩමුළු, ප්‍රදර්ශන සහ වෙනත් විවිධ වැඩසටහන් සංවිධානය කිරීමටද සැලසුම් කර ඇත. ඒ තුළින් උපාංග අලෙවි කිරීමට පමණක් සීමා නොවී නිර්මාණශීලී බව නඟා සිටුවීමටත්, පෝෂණය කිරීමටත්, දේශීය දෘශ්‍ය කලාව පෝෂණය කිරීමටත් Canonසමාගම සතු කැපවීම තහවුරු වේ.

ඡායාරූපකරණ සහ සිනමාකරණ ක්ෂේත්‍රවල දියුණුව සඳහා පසුගිය කාලය පුරා කැපී පෙනෙන සේවාවක් කර ඇති Canonසහ Metropolitanසමාගම් අතර ඇති කර ගෙන තිබෙන 50 වසරක නොසැලෙන හවුල්කාරිත්වය මේ තුළින් වඩාත් ශක්තිමත් වන අතර ඔවුන් මෙතෙක් සිදු කළ සේවාව නව මානයකට රැගෙන යාමට මෙම ප්‍රදර්ශනාගාරය ඉවහල් වනු ඇත. මෙම අවස්ථාවට අයිවර් මහරූෆ් (මෙට්‍රොපොලිටන් සමූහයේ නියෝජ්‍ය සභාපති), එල්. ජේ. අම්බානි (සම සභාපති), දිනේෂ් අම්බානි (සභාපති), ටොෂියුකි ඉෂී (සභාපති / ප්‍රධාන විධායක නිලධාරී - Canon Singapore), තස්ලීම් රහමන් (අධ්‍යක්ෂ - මෙට්‍රොපොලිටන් සමූහය), ටකාෂි ඉචිනොමියා (අධ්‍යක්ෂ - ICB, Canon Singapore) සහභාගී වූහ.

සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්  ජෛව විවිධත්වය පිළිබඳ දැනුවම බෙදයි

සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, සිනමන් නේචර් ට්‍රේල්ස් සමඟ එක්ව සෙලාන් බැංකුවේ හවුල්කාරිත්වය ඇතිව සිය දෙවැනි ‘The Gathering of Giants’  වැඩසටහන අගෝස්තු මස 9 වැනි දා සිට 11 වැනි දා දක්වා පැවැත් වූ අතර මෙම වැඩසටහන, ලොව පුරා වෙසෙන වනජීවී ලෝලීන්, සංරක්ෂකයන් සහ සොබාදහමට ආදරය කරන්නන් ආකර්ෂණය කර ගන්නා ලදී.

මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානවල විශ්මයජනක අලි ඇතුන් එකතු කර ගෙන පවත්වන මෙම උත්සවය නරඹන්නන්ට ජීවිත කාලයටම එක්වරක් පමණක් දැක ගත හැකි අපූර්වතම දර්ශනයක් අත්විදීමේ අවස්ථාව ලබා දුනි.

සම්භාවනීය සංරක්ෂණ විෂය ප්‍රවීණයන් විසින් මෙහෙයවන ලද සංඛ්‍යා දත්ත මූලික කරගත් නව දැනුම ප්‍රවර්ධනය කරන සැසි මාලාවකින් මෙම වැඩසටහන ආරම්භ කරන ලදී. ආචාර්ය සුමිත් පිලපිටිය, ආචාර්ය ප්‍රීත්විරාජ් ප්‍රනාන්දු සහ රොහාන් පෙතියාගොඩ විසින් ආසියානු අලිඇතුන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ වනජීවීන් මුහුණ දෙන සංරක්ෂණ අභියෝග සම්බන්ධයෙන් අගනා අවබෝධයක් ලබා දෙන ලදි. සිය ක්ෂේත්‍රවල ඉහළ ගෞරවාදරයට පාත්‍ර වුණු මෙම ප්‍රවීණයන් පසුගිය වසරවල ඔවුන් කළ පර්යේෂණ සමඟ ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් බෙදා දෙමින් මෙම සත්ව කොට්ඨාසය සිය වාසස්ථාන අහිමිවීම සහ මිනිස් අලි ගැටුම වැනි තර්ජන වලින් ආරක්ෂා කර ගනිමින් අඛණ්ඩ සංරක්ෂණය කිරීමේ දැඩි අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කරන ලදී.

මෙම වැඩසටහනේ විශේෂත්වයක් වූයේ සුප්‍රකට ඉන්දියානු සංරක්ෂකයකු සහ කතුවරයකු වන වාල්මික් තාපර්ගේ ප්‍රධාන දේශනයයි. ඉන්දියාවේ රන්තම්බෝර් ජාතික වනෝද්‍යානයේ ජනප්‍රිය ව්‍යාඝ්‍රයකු වනිචාජර්’ ගේ ජීවිතය පිළිබඳව විස්තර කරමින් තාපර් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනා ගත්තේ ය. ඉන්දියාවේ වඩාත්ම කැපිපෙනෙන විශාලතම බළලු‍න්ගෙන් කෙනකු වනිචාජර්’ රන්තම්බෝර් ජාතික වනෝද්‍යානයට නව ජීවයක් ලබා දෙන ලදි.

මෙම හරබර සැසිවලට අමතරව සහභාගීවූවන්ට මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානවල ආසියානු අලි ඇතුන් එක්රැස් වන ආකාරය දැක බලා ගැනීමට හැකි වූ අතර මෙමගින් ඔවුන්ට අලිඇතුන්ගේ සංකීර්ණ හැසිරීම් සෘජුවම නිරීක්ෂණය කිරීමට මෙන්ම විශේෂඥයන් විසින් සාකච්ඡා කළ සංරක්ෂණ උත්සහයන් පිළිබද අවබෝධය පුළුල් කර ගැනීමේ අවස්ථාව ද ලැබුණි.

සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් හී නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හිෂාන් සිංහවංශ මහතා මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. “ සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් දිගු කාලයක් පුරා ශ්‍රී ලංකාවේ සංරක්ෂණ ප්‍රයන්තයන්හී පුරෝගාමියෙක්.

මෙරට සුවිශේෂී ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීම සහ තිරසාර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමෙහිලා අපගේ කැපවීම සඳහා The Gathering of Giants’ වැඩසටහන මනා නිදර්ශනයක් සපයනවා. සංරක්ෂකයන් සහ වනජීවීලෝලින් අතර දැනුම බෙදා ගැනීමේ සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන වේදිකාවක් වූ මෙම වැඩසටහන මෙහෙයවීමට ලැබීම අපට ගෞරවයක්.”

(සී මුණසිංහ)



අදහස් (0)

Canon Image Square කොළඹ ලිබර්ටි ප්ලාසාහි දී විවෘත වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13268 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 51 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 266 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site