පෝෂණ ගුණයෙන් සපිරි ආහාර ද්‍රව්‍ය නිපදවන Candil Products Pvt Ltd බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී නිෂ්පාදන හා කර්මාන්ත අංශයේ විශිෂ්ටම ව්‍යාපාරය ලෙස දෙවැනි වරටත් සම්මාන ලැබුවේය. 2020දී ගෘහස්ථ ව්‍යාපාරයක් ලෙස කඩුවෙලදී ඇරැඹූ එම ආයතනය 2021දී Candil Products Pvt Ltd ලෙස සමාගම් මැදුරේ ලියාපදිංචි කර ඇත. කෘත්‍රිම වර්ණක, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය, වෙනත් රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව ස්වාභාවික දේශීය අමුද්‍රව්‍යවලින් ආහාර ද්‍රව්‍ය නිපදවන එම සමාගම කෙටි කාලයකින් ශීඝ්‍ර වර්ධනයක් ලබා තිබේ.
Candil Products නිෂ්පාදන අතර පෝෂණ ගුණයෙන් පිරි ඉඳිආප්ප පිටි ප්‍රධාන වේ. මුරුංගා, නිල් කටරොළු, වට්ටක්කා, බීට් රූට්, කුරක්කන් ආදියෙන් සැකැසූ ඉඳිආප්ප පිටි ග්‍රෑම් 500 පැකැට් සහ ග්‍රෑම් 600 බඳුන් ආකාරයෙන් මිල දී ගත හැකිය. වර්ණ පහකින් හා ගුණ පහකින් යුතු ඉඳිආප්ප පිටි වර්ගවලින් සමන්විත Five-In-One පැකේජයක් වෙළෙඳපොළට හඳුන්වා දුන් ලොව එකම සහ පළමු සමාගම වන Candil Products නිල් කටරොළු සහ මුරුංගා පිටි වශයෙන්ද තේ බෑග් වශයෙන්ද වෙළෙඳපොළට නිකුත් කරයි. ඔවුන්ගේ අනෙකුත් නිෂ්පාදන අතරට වට්ටක්කා, දන්දිල, කැරට්, බීට්රූට් පිටි, කිරිපිටි වෙනුවට ධාන්‍ය වර්ග 15ක් මිශ්‍ර කැඳ විශේෂය ඇතුළු ස්වාභාවික කැඳ වර්ග, මුරුංගා සහ බිම්මල් සුප්, වට්ටක්කා සුප්, වසර 300ක් පැරැණි ඖෂධීය වට්ටෝරුවක් අනුව නිපදවන තැම්බුම් හොදි Spicy Soup ඇතුළත් වේ.
එම සමාගම ශක්තිමත් බෙදා හැරීම් ජාලයක් ඇති කිරීමටත් විශේෂ නිල් කටරොළු මල් වගා ව්‍යාපෘතියක් දියත් කිරීමෙන් රැකියා උත්පාදනයටත්, අමුද්‍රව්‍ය නිෂ්පාදනයට ප්‍රදේශවාසීන් යොමු කිරීමෙන් ඔවුන් ආර්ථික වශයෙන් බල ගැන්වීමටත් කටයුතු කරයි. එම සමාගම 2023දී බස්නාහිර පළාතේ විශිෂ්ටම ව්‍යවසායකයා සම්මානයත් 2023දී තිරසාර සංවර්ධනයක් උදෙසා වූ වෙළෙඳ ප්‍රදර්ශනයේදී ආහාර අංශයේ ප්‍රථම ස්ථානයත්, 2022දී ලෝක ජනාවාස දින සැමරුම් ප්‍රදර්ශනයේදී ආහාර අංශයේ දෙවැනි ස්ථානයත් දිනා තිබේ.
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
Candil නිෂ්පාදන සමාගමට ව්‍යවසායකත්ව සම්මාන