පාරිභෝගිකයන් අතර ජනප්‍රිය කේක්, රස කැවිලි සහ කෙටි ආහාර නිෂ්පාදන ආයතනයක් වන Cakes by Chathu 20 වැනි සංවත්සරය සමරයි. මධූෂා චතුමලී හපුආරච්චි මහත්මිය රාජ්‍ය සේවයේ වසර 15ක් යෙදී සිටියදී අර්ධ කාලීන ව්‍යාපාරයක් ලෙස ඇරැඹූ Cakes by Chathu වර්තමානයේදී පාරිභෝගිකයන් අතර ජනප්‍රිය සන්නාමයක් වී තිබේ.
2020දී රාජ්‍ය සේවයෙන් ඉවත් වූ ඇය පූර්ණ කාලීන ව්‍යාපාරයක් ලෙස කේක් නිෂ්පාදනය ඇරැඹුවාය. ඇය සිය නිවසේම විශේෂයෙන් වෙන් කළ කොටසක ව්‍යාපාරය පවත්වා ගෙන යයි. Cakes by Chathu නිෂ්පාදන සඳහා දෙස් විදෙස් පාරිභෝගිකයන්ගෙන් ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමකි. සාධාරණ මිල, උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිතය, නියමිත වේලාවට ඇණැවුම් භාර දීම ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. හෝටල්වල හෝ අවන්හල්වල පැවැත්වෙන උපන් දින, මංගල හා වෙනත් උත්සව සඳහා වීඩියෝ පටිගත කිරීම් හා සැරසිලි සමග කේක්, රස කැවිලි, කෙටි ආහාර Cakes by Chathu වෙතින් ගත හැකිය. ඇණැවුම අවශ්‍ය දිනට පෙර දිනයේදී නිෂ්පාදනය කෙරේ. නිෂ්පාදන ක්‍රියාවලිය අතර හෝ අවසන් වීමෙන් අනතුරුව කේක් හෝ වෙනත් කිසිදු ආහාරයක් ශීතකරණයේ නොතැබීමද සුවිශේෂ කරුණකි. අලුත් අවුරුදු සහ වෙනත් උත්සව සඳහා අවශ්‍ය කේක්, කෙටි ආහාර, රස කැවිලි සියල්ලද Cakes by Chathu වෙතින් මිල දී ගත හැකිය. Cakes by Chathu ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටද කැවිලි හැම්පර්ස් සපයා ඇත. ප්‍රසිද්ධ ආයතන සහ පුද්ගලයයෝ රැසක් ඔවුන් සමග ගනුදෙනු කරති.
ලන්ඩන් බිස්නස් එක්සලන්සි ආයතනය සංවිධානය කළ ගෝලීය ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී 2025 වසරේ නැගී එන කේක් නිර්මාණ ආයතනයට හිමි සම්මානය දිනා ගැනීමටද ඇයට හැකි විය. එසේම ඇය ශ්‍රී ලංකා වෘත්තීය සූපවේදීන්ගේ සංගමයේ සාමාජිකාවක්ද වේ.
2025 දෙසැම්බර් මස 04
350
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
Cakes by Chathu 20 වැනි සංවත්සරය සමරයි