CMA CGM සමාගම විසින් මෙහෙයවනු ලබන, මෝටර් රථ වාහන සඳහා පමණක් සීමා වූ (Pure Car Carrier) CMA CGM සිල්වර්ස්ටෝන් නෞකාව, පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) වෙත සිය මංගල සංචාරය සිදු කළේය. මෙම සන්ධිස්ථානය, වාහන ප්‍රතිනැව්ගත කිරීම සඳහා කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස HIP හට ඇති පිළිගැනීම වඩාත් සවිගන්වයි.
2024 දී ඉදිකර ඇති සිල්වර්ස්ටෝන් නෞකාව, ස්වාභාවික ද්‍රව වායුවෙන් (LNG) බල ගැන්වෙන අතර එහි දිග මීටර් 200ක් වේ. මෝටර් රථ 7,000ක් ප්‍රවාහනය කිරීමේ හැකියාව ඇති නෞකාව, සිංගප්පූරුවේ සිට HIP වෙත පැමිණියේ වාහන ඒකක 333ක් සමඟිනි. CMA CGM දැනටමත් ලෝකයේ තුන්වැනි විශාලතම බහාලුම් නැව්ගත කිරීමේ ක්‍රියාකරු ලෙස හොඳින් ස්ථාපිත වී ඇති අතර, මෙය එම සමාගමේ රෝල්-ඔන්/රෝල්-ඕෆ් (RoRo) අංශය ව්‍යාප්ත වීම සනිටුහන් කරයි.
සිය පළමු මෝටර් රථ ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකාවට ගෙන ඒම වැදගත් අවස්ථාවක් බව, CMA CGM ලංකා පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ කිංස්ලි අබේවික්‍රම මහතා පවසයි. ”සිල්වර්ස්ටෝන් HIP වෙත පැමිණීම, අත්හදා බැලීමක් වුවද, මෝටර් රථ ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස HIP හි මෙහෙයුම් හැකියාව තක්සේරු කිරීමට මෙය අපට අනගි අවස්ථාවක්.” බව තවදුරටත් පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
CMA CGM සිල්වර්ස්ටෝන් ප්‍රථම වරට හම්බන්තොටට